ලංසා සහ ප්‍රසන්න බෑ කියයි ?ඇන්ටනි ජයවීර අනාථයි?

0
78

බස්නාහිර පළාත් මහඇමති පසුගිය පළාත් සභා මැතිවරණයේදි මීගමුව ප්‍රදේශයේ මනාප බලාපොරොත්තුවෙන් ලක්ෂ 38 ක් මීගමුවේ නගර සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි බව දන්වා ඇත. මේ අනුව ක්‍රියාත්මක වු නගරාධිපතිවරයා මේ ප්‍රතිපාදන භාවිතා කිරිම සදහා නාගරික මන්ත්‍රිවරුන් හට දන්වා ඇත. ඒ අනුව ඔවුන් ක්‍රියාත්මකව ඇති අතර වැඩ නිමකළ කොන්ත්‍රාත්කරුවන් වෙත දැන් මුදල් ගෙවිමට ඇතත් මහඇමතිවරයාගෙන් දැන් මුදල් ලැබන පාටක් නැතැයි වාර්ථා වේ.
එමෙන්ම තම්මිට පාරේ කාණුවක්  සංවර්ධනය කිරිම සදහාද ඇමති නිමල් ලංසාගේ සහ මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ පොරොන්දුව මත නගර සභාව ලක්ෂ 50 කට ආසන්න මුදලක් සදහා කොන්ත්‍රාත්කරුවන් වැඩකටයුතු සිදුකර තිබුනද ඒ මුදල පවා දැන් නොලැබෙන තත්වයක් උද්ගතව ඇතැයි සැලය.
මේ අනුව මේ සියළු පාඩු දැන් දරාගන්නට සිදුව ඇත්තේ මීගමුවේ බදු ගෙවන ජනයා වෙතය.මේ තත්වය හමුවේ නගරාධිපති ඇන්ටනි ජයවීර අනාථ වි ඇත්තේ මේ මුදල පියවිමට ක්‍රමයක් නැති නිසාය.