ලංසාගේ අණින් මිගමුවේදි ගැලවුන ප්‍රසන්න ගේ කට්අවුට් එක ???

0
83

prasanna 1

 

ශ්‍රිලනිපයට සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු විසින් පසුගියදා මිගමුව පෝරුතොට ප්‍රදේශයේ කුඩා රැස්විමක් සංවිධානය කර තිබුණි.
ඒ සදහා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප අපේක්ෂක ලසන්ත අලගියවන්න , පොහොට්ටු ඇමති නිමල් ලංසා,සුදර්ශණි යන අයට අමතරව ප්‍රසන්න රණතුංගගේද කට් අවුට් එකක් මෙම රැස්විම් භුමියේ ප්‍රදර්ශනය කොට තිබේ.
මේ ගැන වාර්ථාවිමෙන් අනතුරුව ශ්‍රිලනිප අපෙක්ෂක ලසන්ත අලගියවන්න ඇමති නිමල් ලංසාට දැනුම් දි ඇතැයි කියැවෙන්නේ ප්‍රසන්නගේ කට්අවුට් එක පිළිබදවය.
මනාප ප්‍රකාශ කළ හැක්කේ තිදෙනෙකුට වුවද එහි කට්අවුට් 4 ක් තිබිම එහි පැමිණ සිටි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ හටද අවුලක්ව තිබුණි.ඒ හේතුව නිසාදෝ ඇයද රැස්විමට පැමිණ ඉතා කෙටි වේලාවක් තුලදි ආපසු ගොස් තිබුණි.
කෙසේ වෙතත් මතුව ඇති අර්බුදය හමුවේ ඇමති ලංසාගේ නියෝගයකට අනුව ප්‍රසන්න රණතුංගගේ කට්අවුට් එක එතනින් ඉවත් කර තිබුන බව වාර්ථා වේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල දැනටමත් ප්‍රකාශමාන වෙමින් ඇති පොහොට්ටුවේ මනාප අර්බුදයේ සෑබෑ හරස්කඩක් දැන් ඉතා කුඩා මට්ටමේ රැස්විම් කරාද පැමිණ තිබිම පවතින දේශපාලන යථාර්ථය බවට පත්ව තිබේ.