ලංසාගේ ධිවරයන් පාරට බැස්සවිමේ සැලැස්ම හබක් !

0
116

භුමිතෙල් සට(7.15 am ) ඉහල දැමු භුමිතෙල් මිළ පහල නොදමන්නේ නම් ධිවරයන් පාරට බස්සන බව පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
පොහොට්ටුවේ තුල තම බලය පෙන්විම සදහා පසුගිය දින කිපය පුරාවටම නිමල් ලංසා මෙන්ම දයාන් ලංසාද ධිවරයන් හමුවෙමින් අද දිනයේ ධිවරයන් පාරට බස්සවා පාරවල් අවහිර කොට බරපතල තත්වයක් නිර්මාණය කිරිමට සැලැසුම් කරගෙන ගියේය.
රටේ වෙනත් පළාත්වල ධිවරයන්ටද අද දිනයේ විරෝධයට එක්වන ලෙස දන්වා යවා තිබුණි.
කෙසේ වෙතත් ඊයේ සිට රජය විසින් භුමිතෙල් ලිටරයක මිළ රු 70 ක් දක්වා පහල දැමිමට ගණු ලැබු තින්දුවත් සමගින් රටපුරා ධිවරයන් සිය විරෝධයන් නවතා ලන්නට තින්දු කර ගත් බව ප්‍රදේශ ගණනාවකින් වාර්ථා විය.
මේ අතර මීගමුවේ ධිවරයන් පාරට බස්සවා කරන්නට සැලැසුම් කර තිබුණ විරෝධයද මේ වන විට කතෝලික පල්ලියේද මැදිහත්විම මත වැලකි ඇති බව සැලය.
රාජපක්ෂ ලංසා පාලන සමය තුල අවස්ථා කිපයකදි ඉහල දැමු තෙල් මිළ අවසන් වශයෙන් පහල දැම්මේද රු 81 ක ට පමණි.
එහෙත් යහපාලන රජය බලයට පැමිණිමෙන්ම පසු මුලින්ම ලිටරයක මිළ රු 65 ක් ලෙසින් අඩුකරනු ලැබු අතර පසුව එය රු 44 ක් දක්වා සුවිශේෂ මිළක් දක්වා අඩුකර තිබුණි.
මේ අනුව දැනට රජය විසින් යෝජනා කරනු ලබන මිළ යනු එදා රාජපක්ෂ රජය විසින් රු 81 ක් ලෙසින් පවත්වාගෙන ගිය මිළටත් වඩා අඩු අගයකි.
මේ සියලු පසුබිම් තුල සිය දේශපලාන න්‍යාය පත්‍රය වෙනුවෙන් ධිවරයන් පාරට බස්සවා කරන්නට සැලැසුම් කරන ලද විරෝධය දැන් ඇන හිටින ලකුණු මතුව තිබේ.
මේ අතර ධිවර සංවිධාන නියෝජිතයන් කිපදෙනෙකුම ලංසාගේ මේ දේශපාලන ගැට වලට ධිවරයන් බිලි දිමට තමන් සුදානම් නැති බවට දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි.
මිගමුවේ ධිවරයන් විසින් සිදුකරගෙන යමින් තිබු සත්‍යග්‍රහයද ඊයේ දිනයේ සිට නවතා දමා තිබුණි.ධිවර උපවාසය 1