නිමල් ලංසා ගේ ප්රබලතම ආධාරකරුවෙකු වු මිගමු නගර සභා සේවකයෙකු අද පෙරවරුවේ මිගමු නගර සභාව තුලදි අත්අඩංගුවට ගෙන වාර්තා වේ.
සෞඛ්‍ය කම්කරුවෙකු වු තුෂාන් නැමැත්තා මිට පෙර අවස්තා කිපයකදිම අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවුවෙකු ලෙසද ප්රකටය.
රටේම කතා බහට ලක්වු රු කෝටි ගණනක් ගිනුමක තිබු සෞඛ්‍ය කම්කරුවා වුයේද මේ පුද්ගලයාමය.
2016 වසරේ මිගමු මහනගර සභා පරිශ්‍රය තුලදි මාධ්‍යවේදියෙකුට පහර දි තිබුනේ දායන් ලංසාගේ කොන්ත්‍රාතුවකට වු අතර ඒ අවස්තාවේදි මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරතව සිටි කුපට පුද්ගලයෙකුද වේ
පසුගිය මැතිවරණ සමයේ මහනගර සභාවට පැමිණ පැමිණිමේ ලේඛණයේ ඇඟිලි සලකුණ තබා නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වලට සම්බන්ධවිම හේතුවෙන් වැටුප ගෙවිම් පවා අත්හිටුවා තිබුණ නගර සභා කම්කරු පිරිසේ ප්‍රධානියාද වෙයි
කොළඹින් පැමිණ කර තිබු මේ අත්අඩංගුවට ගැනිමේ හේතුව තවමත් පැහැදිලි නැතැයි මහනගර සභාවේ සේවකයෝ පවසා සිටිති.