ලක් කතුන් දෙ‍දෙනෙකුටම ඉතාලියේදී ජීවිතය එපා වෙති.

0
188

ඉතාලියේ රාජ්‍යයේ විසූ ශ්‍රී ලාංකික කාන්තාවන් ‍දෙදෙනෙකු පසුගිය දින දෙකක කාලය තුළදී වස පානය කිරීමෙන් සහ ගෙළ වැළලාගැනීමෙන් සිය දිවි හානි කරගැනිම පිළිබදව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මහත් කම්පනයට පත්ව සිටිති.

පසුගිය 24 සහ 25 යන දෙදින තුළදී මෙලෙස සියදිවි හානි කරගැනීමෙන් මරණයට පත් වී ඇත්තේ ඉතාලියේ මෙසිනා නගරයේ සේවය කළ හිමාලි භද්‍රා සමරසේකර නැමති 30 හැවිරිදි කාන්තාවක් සහ ඉතාලියේ නාපෝලි නගරයේ තම දෙමව්පියන් සමග වාසය කළ සඳුනි කෞෂල්‍යා නැමති 18 හැවිරිදි තරුණියකි.

වෙන්නප්පුව, බෝලවත්ත, කම්මල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන හිමාලි භද්‍රා සමරසේකර නැමැති කාන්තාව පසුගිය 25 වැනිදා තමන් නවාතැන් ගෙන සිටි නිවස තුළ ගෙළ වැළලාගෙන සිටියදී ඇයගේ ඥාතින්ට හමු වී තිබේ. ඇගේ ඥාතීහු විසින් ඇයව කඩිනමින් මෙසිනා නාගරික රෝහලට ඇතුලත් කර ඇති නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව එහිදී වෛද්‍යවරුන් විසින් සනාථ කර තිබේ.

දැනට වසර කිහිපයකට පෙර සිට මෙසිනා නගරයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි මෙම කාන්තාවට සියදිවි හානිකර ගැනීමට තරම් හේතුවක් නොතිබූ බව ඇගේ ඥාතිහු පවසති. මෙසිනා නාගරික පොලිසිය මෙම හදිසි මරණය සම්බන්ධයෙන් දැනට සිදුකරමින් පවතින පරික්ෂණයන් නිම වූ වහාම වහාම මියගිය කාන්තාවගේ  සිරුර ලංකාවට වෙත එවීමට නියමිත බව ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් කියැවේ.

මාරවිල, තල්විල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන සඳුනි කෞෂල්‍යා නැමැති අනෙක් තරුණිය පසුගිය  24 වැනිදා වස වර්ගයක් පානය කිරීමෙන් සිය දිවි හානි කරගෙන තිබිණි. තම පවුලේ සාමාජිකයින් සමග ඉතාලියේ, නාපෝලි නුවර දිගු‍ කලක් තිස්සේ ජීවත් වී ඇති සඳුනි කෞෂල්‍යා එහි පාසැලක අධ්‍යාපනය ලබමින් සිටින අතරතුරදී මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බව ඇගේ ඥාතීහු කියති. නාපෝලි නුවර , පියස්සා කවුර් ප්‍රදේශයේ පිහිටි තම නිවසේදී වස පානය කර සිටි මෙම තරුණියද ඇගේ මව්පියන් විසින් නාපෝලි ප්‍රධාන රෝහලට ඇතුලත් කර තිබේ.  එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී මෙම තරුණිය මියගොස් ඇති අතර ඇයගේ සිය දිවි නසා ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

චන්දන ප්‍රනාන්දු

මියගිය හිමාලි භද්‍රා සමරසේකර

ithali _marana1

මිය ගිය සඳුනි කෞෂල්‍යාithali _marana2

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here