ලක්ෂ 70 ක BTI කැට ඇනවුම සෞඛ්‍ය අංශයේ ඉල්ලිමක්ද ? දේශපාලන අධිකාරියේ පැටවිමක්ද..??

0
67

ඩෙංගු මර්ධනය සදහා විශේෂයෙන්ම විශාල ජලාශවලට සහ කානු වැනි ස්ථාන වෙනුවෙන් යොදන ඇමරිකානු නිෂ්පාදනයක් වන BTI විශාල ප්‍රමාණයක් පසුගිය දා මීගමුව මහ නගර සභවට බස්නාහි පාලත් සභාවේ ප්‍රතිපාදන යටතේ ලැබි තිබුණි.මේ සදහා රැ ලක්ෂ 70 ක පමණ වු ප්‍රතිපාදන සෞඛ්‍ය විෂයයට හිමිකම් නොකියන වෙනත් අංශ බාරව  සිටින ඇමැතිවරයෙක්ගේ ප්‍රතිපාදන යටතේ ලැබි තිබුණු අතර මෙවා බෙදා දි තිබුනේ ඇමැති නිමල් ලංසා විසින් පිහිටුවාගෙන ඇති විවිධ කාන්තා සංවිධාන වෙතය.

මේ රට තුල ඩෙංගු වංසගතය බහුලව පැතිරුන සමයේ ඩෙංගු මර්මස්ථානය වි තිබුනේ මීගමුව නගරයයි.විශාල ජලාශ සහ කානුවලට යොදාගැනිමට භාවිතා කරන BTI කැට කාන්තා සමිතිය වලට බෙදා දිමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක අංශය බලාපොරොත්තු වන්නේ කුමක්ද යන ගැටලුව මතුවන්නේ ඒවා ගෘහාශිතව ඩෙංගු පාලනය කර ගැනිමට යොදා ගත හැකිද යන ප්‍රශ්ණයත් සමගින්ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් පවසා සිටියේ මෙසේ  BTI කැට බෙදා දිම පිළිබදව මහජන නියෝජිතයන් ලෙසින් තමන් කිසිවක් නොදන්නා බවයි.