ලක්ෂ 90 ක් වැය කොට මීගමුවට ගත් විදුලි උපාංග වලට මොකද වුනේ ?

0
91

පසුගිය වසර සදහා රුපියල් ලක්ෂ 90 කට ආසන්න මුදලක් වැය කරමින් මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් යැයි කියා මහනගර සභාව විසින් මිළට ගත් විදුලි උපාංග වලට සිදුවයේ කුමක්ද යන්න ගැටළුවක් මතුව තිබුනේ දැන් කලක පටන්ය.

එයට හේතුව වි තිබුනේ මහජන බදු මුදල් වැය කරමින් විවිධ දේශපාලකයන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් අවභාවිතා වන බව විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් අවස්ථා ගණනාවකදිම පෙන්වා දි තිබිමද හේතුකොටගෙනය.

මේ පිළිබදව අප කළ විමසුමකදි විපක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදි මිගමුවේ මහජන බදුමුදල් වැය කරමින් ලබාගත් ඇතැම් විදුලි උපාංග නගරාධිතිගේ සහෝදරයාගේ දේශපාලන ප්‍රචාරක වැඩකටයුතු වෙනුවෙන් සහ ඔහුගේ දේශපාලන ආධාරකරුවන් හට අනුග්‍රහය දැක්විම සදහා යොදවාගත් අන්දම ගැන ගැටළු රැසක් ඇති බවය.

ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ නගර සභාවේ පාලනයට අයත් නැති ඇතැම් ක්‍රිඩා පිටිවලට පවා රාත්‍රි කාලයේදි ක්‍රිඩාකිරිමට හැකිවන ලෙසින් අධිධාරිතාවක් සහිත විදුලි බුබුලු ලබා දි ඇති බවය

මේ අනුව පැහැදැලි වන්නේ මහජන මුදල් වැය කරමින් ලබාගෙන ඇති විදුලි උපාංග භාවිතයට ගත් ආකාරය පිළිබදව විනිවිදභාවයකින් නොමැති බවය

මේ අතර පසුගිය දා නාගරික කොමසාරිස්තුමිය විසින් මිගමුව පොලිසියට විදුලි බුබුළු ප්‍රමාණයක් අවස්ථාගතවිම සහ මිගමුවේ කඩවල ඒවා විකිණිමට තිබිම ගැන කර තිබුන පැමිණිල්ලෙන් පවා ඉතා පැහැදිලිව පෙනි යන්නේ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් විසින් මහජන බදුමුදල් අපහරණය ගැන වු චෝදනා නිවරදි බවය