ලක්ෂ ගණන් බිල් පුද්ගලික රෝහල්වලට ගෙව්වත් ,පොඩි ප්‍රශ්ණෙකටත් රජයේ රෝහලේ පිහිට පතන්න වෙනව නම් අවුල් නේද ?

0
61

Baby picමීගමුව නවලෝක රෝහලේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩලය සහ එහි ඇති පහසුකම් ඔවුන් විසින් භාරගනු ලබන ඇතැම්  වගකිම් ඉටුකරන්නට තරම් ප්‍රමාණවත්ද  යන්න ගැන සංවාදයක් මේ දිනවල මතුව තිබේ.
මෙයට මුල්ව ඇති හේතුව වන්නේ මීට දින 5 කට පමණ ඉහතදි සිසේරියන් සැත්කමක් මගින් සිදුකරන්නට යෙදුන දරු උපතකදි එකි බිළිදාගේ මුහුණේ සියුම් කැපුමක් ඇතිව තිබීමත් තවත් අවස්ථාවකදි එකි බිළිදාගේ මුත්‍රා පිටවිම සම්බන්ධයෙන් ගැටළු මතුවෙමින් තිබියදි බිළිදා යළිත් මීගමුව රෝහලට ඇතුලත් කරන්නට විමත් ගැනය.
මෙහිදි මතුවන එක් කරුණක් වන්නේ දරු ප්‍රසුතියක් සදහා ප්‍රමාණවත් පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටින්නේද යන ගැටළුව මෙන්ම අවැසි පහසුකම් ප්‍රමාණවත්ද යන ගැටළුවයි.
විශේෂයෙන්ම ඇවැසි ප්‍රමිතියට සරිලන නොමේරු ළඳරු එකක් නවලෝක රෝහල තුල ස්ථාපිතද ?
ලක්ෂ 2 කකට ආසන්න මුදලක් ගෙවා දරු උපතකට ඇතුළු වන මවකට සිය අළුත උපන් බිළිදාව  මීගමුවේ රජයේ රෝහලේ තබා තමන්ට නවලෝක රෝහලට වි සිටින්නට සිදුවන්නේ නම් තත්වය කුමක්ද ?