ලන්ඩන් නුවරට නැවතත් ප්‍රහාරයක්,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙන්වා ගනීද?

0
51

bde5e27f-ad70-4468-bea8-7a0731c4a351.png

ඊයේ දිනයේදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ලන්ඩන් නුවර සලිත වී ගියා.ලන්ඩන් පාලම හා බොරෝහ් වෙලදපල ඉලක්ක කරගනිමිනුයි මේ ප්‍රහාරයන් එල්ල වී තිබුණේ. www.bbc.com වාර්ථා කරන ආකාරයට මේ වන විට පුද්ගලයන් 6 දෙනෙක් ජීවිත්ෂ්‍යට පත්ව ඇති අතර ත්‍රස්තවාදීන් තිදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වී තිබෙනවා.

මේ සිදුවීමත් සමග එංගලන්තයේ පැවැත්වෙන ICC Champions Trophy තරගයටත් ප්‍රහාරයත් ඒලවේදැයි යන්න කාගේත් දැඩි කතාබහට ලක්වී තිබෙනවා. මේ වන විට විදේශීය කණ්ඩායම් 7ක් එංගලන්තයේදී පැවැත්වෙන මේ තරග සදහා සහභාගී වී සිටීමත් සමග ත්‍රස්තයන්ගේ ඇස් මේ ක්‍රීඩකයන් වෙත යොමුවීමට ඇති ඉඩ පිලිබදව මේ වන විට බොහෝ දෙනෙක් තමන්ගේ අදහස් දැක්වීමට පටන් අරන් තිබෙනවා.

Sri Lanka Cricket නිල ෆේස්බුක් පිටුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ප්‍රහාරයෙන් කිසිදු හානියක් නොවූ බව සනාථ කර තිබෙනවා. මේ ප්‍රකාශයට අදහස් දක්වමින් ශ්‍රීලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඩි දෙනෙක් කියා සිටින්නේ ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීම සුදුසු බවයි. ශ්‍රී ලකාවේ පෙර පැවැති තරගවලටආරක්ෂාව මදියැයි කියමින් මේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් මෙහිදී ප්‍රෙක්ෂකයන් විසින් මතක් කර තිබෙනවා.