ලබන බදාදා වෙනතෙක් මීගමු ධීවරයෝ බඩගින්නේ…

0
87

ඉහල දෑමූ ඉන්ධන මිල සම්බන්ධයෙන් මීගමුවේ ධීවරයන්ගේ විරෝධය නවතාලනු ලැබුනේ කතෝලික පල්ලියේ පියතුමන්ලා ධීවරයන්ට සාධාරණ තිරණයක් ලබාදිමට කටයුතු කරනවා යන පොරොන්දුවත් සමගින්ය.මේ ගැන තිරණය කිරිම සදහා පැවැති විශේෂ රැස්විමකදි පළාතේ දේශපාලන අධිකාරිය පොරොන්දු වි තිබුනේ පසුදින සිට මීගමුවේ ඉන්ධන හල්වලින් පැරණි මිලට රුපියල් 10 ක් වැඩියෙන් ගෙවා ඉන්ධන ලබාගැනිමට සියළු කටයුතු සුදානම් බවය.

ගරු පියතුමන්ලා මෙන්ම එම සාකච්ජාවට ගොස් සිටි ධීවර නියෝජිතයන්ද බලාපොරොත්තු වුයේ දැන් ප්‍රශ්ණය විසදුනා කියාය.මේ තිරණයට මීගමුවේ ධිවර ප්‍රජාවේ බහුතරයක් දෙනා එකඟ නොවුනද සිදුවන්නට යන දේ ගැන සැකයෙන් බලා සිටි අතර හාලාවත වැල්ලේදි මරාදැමුණු ඇන්ටනි මහතා වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වනවා වෙනුවට දින දෙකක මුහුදු නොගොස් සිටින්නටද මේ සාකච්ජාවේදිම  තින්දු කර තිබුණි.මේ අතර අප මීගමුවේ ඉන්ධන හල් වලින් විමසා සිටියේ ධීවරයන්ට අඩුමිලට ඉන්ධන සැපයිම සදහා වැඩපිළිවෙලක් තිබේද යනුවෙනි.මේ වන තුරු එවැනි කිසිදු වැඩපිළිවෙලක් නැති බව මේ සියළු ඉන්ධන හල් හිමියන්ගේ පිළිතුර විය.
මේ අනුව ධීවරයන්ගේ අරගලය පටන් ගත් පෙබ 13 වනදා සිට අද දක්වා කිසිදු ක්‍රියාත්මක විසදුමක් නැත.වැල්ලවිදිය සහ කුඩාපාඩුව ප්‍ර දේශයේ ජිවත්වන බහුතරයක් කුඩා බෝට්ටු හිමියන් තවත් රැකියාට නොයන අතර කොටුව පිට්ටනිය ලෙල්ලමද තවදුරටත් වසා දමා ඇත.

මේ අතර අද ඉරුදින පුජාවේදි කුඩාපාඩුවේ පල්ලියේ පියතුමා පවසා තිබුනේ ලබන බදාදා වෙනතෙක් රස්සාවට නොගොස් සිටිනා ලෙසය.වැල්ලවිදිය දෙව්මැදුරේදි අද සවස මෙම දැන්විම ප්‍රකාශ කිරිමට නියමිතව ඇත.

මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පියතුමන්ලාත් ,කොළඹ සහ ගම්පහ දිස්ත්‍රක්වල ධීවර  නියෝජිතයන්ද  මීගමුවේ දේශපාලන අධිකාරියද සහභාගි වු විශේෂ රැස්විමක් අද දින මීගමුවේ තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදි පැවැත්විණ.

උණුසුම් වාද විවාද සමගින් පැවැති මේ රැස්විම අවසන්ව තිබුනේ ලබන සතියේ ජනාධිපතිවරයා හමුවි විසදුමක් සාකච්ජා කරන බවට ප්‍රදේශයේ  දේශපාලන අධිකාරිය පොරොන්දුවිමෙනි.පළාත් සභා ඇමැති නිමල් ලංසා සහ නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා හමුවේ ධිවර නියෝජිතයන් සිය විරෝධය පළ කරමින් පවසා ඇත්තේ තමන් ට ජනාධිපතිතුමා හමුවි ඉන්ධන ප්‍රශ්ණයට ස්ථිර පිළිතුරක් ලබාගත යුතු බවය.

ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පක්ෂග්‍රාහි ක්‍රියාකලාපය මෙහිදි දැඩි සේ විවේචනයට ලක්ව තිබුන බවද වාර්ථා වේ.අමාත්‍ය නිමල් ලන්සා පෙබ්‍ර 13 වෙනිදා ධීවර උද්ගෝෂණයටපැමිනි අවස්තාව