ලයිට් නැති කොච්චිකඩේ පාලම මාරාන්තිකයි.බලධාරින් නිහඩයි.

0
51

ගම්පහ සහ පුත්තලම  දිස්ත්‍රික්යන් වෙන්කරන කොච්චකඩේ පාලම දැනට කාල සිට පවතින්නේ අඳුරේය.මේ පාලම හරහා පයින් යනඑන අය සදහා ඇති කොටසද අබලන්ව ඇති නිසා ඒසැමට සිදුව ඇත්තේ රාත්‍රි කාලයේදි මේ අඳුරු පාලම මතින්ම ගමන් කිරිමටය.

මේ පාලමේ එක් කොටසක් අයත්වන්නේ කටාන ප්‍රාදේශිය සභාවට  වන අතර අනික් කොටස අයත්වන්නේ වෙන්නප්පුවටය.අදාල බලධාරින්ගෙන් මේ ගැන අවස්ථා කිපයකදිම  විමසා ඇතත් කිසිදු විසදුමක් ක්‍රියාත්මක  නැත.400-05361124

මැතිවරණය අවසන්වි මාසයකට ආසන්නවෙමින් තිබුනද පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන නිරෝෂන් සහ හෙක්ටර් අප්පුහාමිගේ දැවැන්ත කට්අවුට් වලට යොදා ඇති අධිබලැති විදුලි බුබුළු  අදටත් මුලු රෑ පුරාම දැල්වෙමින් තිබේ.