ලයිසන් චණ්ඩි විසිවෙයි ! කොමසාරිස්වරිය නත්තල් කඩ ටෙන්ඩර් කිරිම අරඹයි !

0
227
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

( 1.30 pm ) මෙවර නත්තලට මීගමුව නගරයේ නත්තල් කඩ ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ (02/12/2024) ලොකු  ප්‍රශ්නයක් පැනනැගුනා.

ඒ ප්‍රශ්නය තමයි නත්තල්  ⁣කඩ ටෙන්ඩර් කරන්නත් කලින්ම හිටපු නගරාධිපති දායන් ලංසාගේ ගෝල බඩියන් පිරිසක් මිගමුව පරණ රිගල් හෝල් එක තිබුනු ස්ථානයේ සහ ඒ පාරට මුහුණලා නිති විරෝධිව සහ කිසිදු අවසරයකින් තොරව කඩ සෙට් එකක් හදන්න පටන් අරන් තිබුන එක


                 මේ පිළිබඳව වාර්තා වීමත් සමඟම එසැනින් ක්‍රියාත්මක ව ඇති නාගරික කොමසාරිස්වරිය පැය කිහිපයක් ගත වන විට ⁣මේ කඩ සියල්ලම ඉවත් කිරිමට කටයුතු කරන්න පියවර ගත්තා.

             ඒ අනුව අද දවසේ (03/12/2024)  මීගමුව නගරයේ තොරාගත් ස්ථාන වල මෙලෙස නත්තල් කඩ ටෙන්ඩර් කිරීම සිදු වුනා. ඒ අනුව පරණ රීගල් හෝල් එක තිබුණු ප්‍රදේශයේත්, මහ නගර සභාවට අයත් ග්‍රීන් පාර්ක් කලාපයේත්, එමෙන්ම නගරයේ මැද ඔරලෝසු කණුව හා අයි.ඕ.සී. ෂෙඩ් එක හරියෙත් මේ නත්තල් කඩ  ටෙන්ඩර් කිරීම සිදුව තිබෙනවා. ඒ අනුව ආරංචි වුණු විදිහට අඩි 10×10 නත්තල් කඩ 30 ක් පමන ටෙන්ඩර් කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒ වගේම මීගමුව නගරයේ මේ විදිහට හදලා තියෙන 10×10 කඩයක් රුපියල් 40,000 /= සිට ඉහලට ගන්න පුළුවන් කියලත් දැගන්නට තියෙනව


             හැබැයි මෙදාපාර තියෙන විශේෂත්වය තමයි මේ නත්තල් කඩ ටික මෙදා පාර  ටෙන්ඩර් කරුවෙකුට ම කියලා දිලා නැති එක. පහුගිය අවුරුදු වල නම් සිදුවුනේ නගර සභාවේ පාරවල් වල හදන නත්තල් කඩ ටික එක පුද්ගලයකුට සොච්චම් මුදලකට ටෙන්ඩර් එක දීලා, ඊට පස්සේ ඒ ටෙන්ඩර් එක ගත්තු පුද්ගලයා වෙළදුන්ට ඒ කඩ ටික ලක්ෂ ගණන්වලට ලංසු තියලා ඒ පොඩි වෙළෙන්දන්ව  ගසාගෙන කාපු එක. ⁣ඉතින් මෙදා පාර ඔන්න ඒ වැඩේට වැට බැඳලා තියෙනවා.

දැන් නත්තල් කඩයක් අවශ්‍ය අයෙකුට නගර සභාවට ඇවිල්ලා මුදල් ගෙවලා කඩයක් වෙන් කර ගන්න පුළුවන් වෙන විදිහට ක්‍රමය හදලා තියෙනවා.

ඉතින් මෙව්වර කල් නගර සභාවට අහිමි වුනු විශාල ලක්ෂ ගානක මුදලක් ,මෙදා පාර ඉඳලවත් නගර සභාවට ලැබෙන විදිහට මේ ක්‍රමවේදය හදපු නාගරික කොමසාරිස්වරිය මේ ප්‍රශ්නෙදි බොහොම දැඩි ස්ථාවරයක  ඉන්නවලු

ඉතින් මෙච්චර කල් වුනේ නගර සභාවට ලැබිය
යුතු ලක්ෂ ගණනක මුදලක් හොර  පාරවල් වලින් එක එක ගෝල  බඩියන්ගේ සාක්කු වලට ගිය එකයි.
                     තවමත් නීතිය ගැන විශ්වාසය තියෙන, අයුක්තිය අසාධාරණය පිළිකුල් කරන මීගමුවේ මැදිහත් පුරවැසියන් මේ නත්තල් කඩ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරියගේ දැඩි ස්ථාවරය සහ ක්‍රියා කලාපය ගැන බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here