ලසන්ත ඝාතනය කොට ජනවාරි 08 වෙනිදාට වසර 5 යි !

0
210
lasantha commemorationlasanthaමාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි දුන් උතුරේත් දකුණෙත් මාධ්‍ය සගයන් සමරමු.මාධ්‍ය නිදහස වෙනුවෙන් කරන ලද අරගලයේදි වැඩිම මාධ්‍ය සගයන් පිරිසක් අපට අහිමි වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදිය,
2009 ජනවාරි 08 වෙනිදා කොළඹ අධිආරක්ෂක කලාපයක් තුලදි ජේෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරමින් මේ පාලකයන් බලාපොරොත්තුවුයේ තොරතුරු දැනගැනිමේ අයිතිය ත්‍රස්තයෙන් පාලනය කොට මාධ්‍ය නිදහස වලපල්ලට යැවිමටය.
එදා මෙදා තුර මාධ්‍ය ක්‍රියාකරින් 34 දෙනෙකු ඝාතනය කොට ඇති  රට හැර යන්නට සිදුව මාධ්‍යවේදින් ගණන 50 ඉක්මවා ඇත.මාධ්‍යවේදි ප්‍රගිත් එකැනැලිගොඩ අතුරුදහන් කොට වසර 4 කි.
තොරතුරු ලබා ගැනිමේ අයිතිය නීතිමය ලෙස තහවුරු කිරීම
2014 .12.10 වෙනිදා උතුරෙත් දකුණේත් මාධ්‍යෙව්දින්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවැති ”මාධ්‍යවේදින්ගේ ජාතික සමුළුව” අමතමින් පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ බලයට පත්ව පළමු දින 100 තුල තොරතුරු දැනගැනිමේ අයිතිය නීතිගතකරනු ලබන බවය.

රටක මාධ්‍ය නිදහස පැවැතීමට නම් තොරතුරු ලබා ගැනීමේ අයිතිය අනිවාර්යෙන් තහවුරු වී තිබිය යුතුය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය තොරතුරු ලබා ගැනිමේ අයිතිය නීති ගත කිරීම වෙනුවෙන් සිය කැපවීම පෙන්වා දී ඇති අතර දැන් එය තවත් තහවුරු කරමින් අනාගත ආණ්ඩුවක තමන් විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති මාලාවට මෙම තොරතුරු ලබාගැනීමේ අයිතිය නිතිගත කිරීම ඇතුලත් කර, ක්‍රියාවට නැංවීමට අවස්තාව උදාවෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී, ශිලාචාර සහ ශිෂ්ඨසම්පන්න ආණ්ඩුවක් සිය තොරතුරු තමන් ගේ ජනතාව අතට පත්වනවාට බියවන්නේ නැත.

ජනතාවට ඇත්ත දැනගැනිම වලකා ලබමින් මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලසන්ත වික්‍රමතුංග,සිවරාම් (තාරකි) ඇතුළු මාධ්‍ය සගයන් ඝාතනය කරනු ලබන්නේ පාලකයාගේ සියළු බොරු පමණක් සමාජ ගතකිරිමේ මාධ්‍ය කලාවක් රටතුල ස්ථාපිත කිරිම අරමුණ කොටගෙනය.

එයට එරෙහිව සියළු බාධා මැද වුව ක්‍රියාත්මක මාධ්‍ය සංවිධාන හා ක්‍රියාකාරින්ගේ දැන් එකම අභිප්‍රාය වන්නේ ලසන්ත ඇතුළු ඝාතනයට ලක්වු සියළු මාධ්‍ය ක්‍රියාකාරින්ගේ ඒ උතුම්ම වු අරමුණට සාධාරණයක් ඉටුකරමින් ඒ මිනිමරුවන්ට දඩුවම් දිමටය.

2015 ජනවාරි 08 වෙනිදා උදාවනු ඇත්තේ ඒ තිරාණාත්මක වගකිම වෙනුවෙන් මේ රටේ සියළු මාධ්‍යවේදින්ගේ එකම අභිප්‍රාය දිනවිම වෙනුවෙනි.