ලාබයි…..ලාබයි…එලවළු ලාබයි.. බාලයි… බාලයි …මිනිස්සු බාලයි..

0
212

මිගමුව   කාමච්චෝඩය  පොලේ   එලවළු  වෙළෙන්දන්ගේ   මුවින්  පිටවන  වචන  අතරින්  නිතර  කියැවෙන්නේ  එළවළු  ලාබ  බවය.   කොතරම්  මිල  ඉහළ  ගියද   මේ  ඒකාකාරී  වචන  පෙළ  පොල තුල  නිතර  රැව්දෙන  ආකාරය  අපට  ඇසේ.  පතෝල ,  වැටකොළු  ආදී  එලවළු  වර්ග  මෙසේ  මිල  ඉහල  යන්නේ  ඇයිද?  යන්න  විමසා  බැලීමට  ඔවුන්  හා  කෙටි  කථාබහක  යෙදෙන්නට  අදහස්  කළේ   එබැවිනි.  මෙම  එලවළු  වැඩියෙන්  රැගෙන එන්නේ  රාජාංගනය,  දඹුල්ල  වැනි  ප්‍රදේශවලිනි.   පතෝල  ගැන  සමහරු  සඳහන්  කරන්නේ  රසක්,  ගුනක්   නැති  ආහාරයක්  ලෙසටය.නමුත්  රාජාංගනයේ    සිට  පැමිණි  වික්‍රමසිංහ  ඒගැන  කරන  ප්‍රකාශය   එකී  අදහසට  වෙනස්ය.  රාජාංගනයේ  සිට   මීගමුව  දක්වා  එන  මේවා  අපේ  බත්පත දක්වා  එන්නට  කොතරම්  පරිශ්‍රමයක්  දරන්නට  සිදුවන්නේදැයි  ඔහුගේ  කථාවෙන්  පැහැදිළිවේ.

අපි  රෑ  12. 00ට  විතර  ලොරියට  බඩු  පටවල  ගේන  ගමනෙදි  ගෝනියකට  ලොරිකුලි  විදිහට  රු. 200/ක්  දෙන්න  ඕනෙ.  පොලකුලි  විදිහට  රු.  200/ක්  දෙන්න  ඕනෙ.  ඒව  සේරම  ගෙව්වට  පස්සෙ  ලැබෙන  සොච්චමෙන්  තමයි  අපි  ජීවත්  වෙන්නෙ.  අපි  කිලෝ එකක්  ගන්නෙ  රු. 70කට  විතර.  අපිට  කිලෝ  එකකින් රු.20ක් වගේ  තමයි  ලැබෙන්නෙ…..      පතෝල  , වැටකොළු   වැනි  ආහාර  වල  ඇති  ගුණ   ගැනත්  වික්‍රමසිංහ  විග්‍රහයක  යෙදෙයි.

එසේම  රාජාංගනයේ  සිට  එන  වසන්ත  පවසන්නේ  පතෝල ,  වැටකොළු  වගේ  එලවළු  ප්‍රවාහනයට  අපහසු ඒවා  බවයි.  අසුරන  භාජනයට  දමා  එසවීමේදී  එම  භාජන  පවා  කැඩෙන  බව  ඔහු  පවසයි.  ඒ නිසා   මේවා තැලෙන  කැඩෙන  ස්වභාවය  වැඩි  බවයි වසන්ත පවසයි.

මීගමුවේ  එක් පාර්ලිමේන්තු  ඇමතිවරයෙක්  පන්මල්ලක්  කිහිලි  ගන්නාගෙන  පතෝල  කෑල්ලකුත්  හපමින්  එලවළු  ගන්න  හුදෙකලාවම  කිසිදු  ආරක්ෂකයෙකු  නැතිව පොලට  යන  ආකාරය  එක්  කාලයක   අපි  දැක  ඇත්තෙමු. නමුත්  ඔහු  පතෝල  වගේ  යැයි  සමහරු  පවසන්නේ  ගමට  වැඩක්   නොකල  නිසා  යැයි  සමහරු  පවසති.  නමුත්  අද  මෙම  කියමන  අර්ථයෙන්  වෙනස්වී  ඇත.  මන්ද  පතෝල  යනු  රසවත්  සහ  ගුනවත්  ආහාරයක්  බව  වෛද්‍යවරු   පවසති.  කෙසේ  නමුත්  මීගමුව  සතිපොල  තුළ  පතෝල ,  වැටකොළු වැනි  එලවළු කිලෝ  එකක මිල  රු.120/ක්  180/ ක්  වැනි  මිල  ගනන්  වල  පවතී.   කෙසේ නමුත්    සතිපොලට   මෙසේ  බඩු  ගෙනැවිත්  වෙළඳාම්  කරන්නේ    ලොකු  සල්ලිකාර මුදලාලිලා  නොවේය .එය ඔවුන්ට  තමන්ගේ  ජීවන  අරගලය   කරගෙන   යාම  සඳහා  වන  එක්  මාර්ගයක්  පමණි.  නමුත්  පොල  පාලනය  කරන්නා  ඔවුන්ව  අල්ලේ  නටවන  බව  මෙම  වෙළඳුන්ගේ  සමහර  අයගේ  කථාබහෙන්  මතුවේ.   ඒ නිසා    ගමේ  ඇති  පොලොස්  ටිකක්,  ලාවළු  ගෙඩි ටිකක්  ,  පලා වර්ග  ටිකක්   ගෙනැවිත්  විකුණන  සමහර  දුප්පත්  අම්මලා සහ  අක්කලා  වැනි  අයටත්  සිදුවන්නේ  බලවත්  අසාධාරණයකි.  නමුත්  ඔවුන්  ඒබව  සඟවන්නේ   ඒ ගැන  ඇති  බිය  නිසාමය.   මීට  පෙරද  අප  මේ  සම්බන්ධව  සාකච්ඡා කර  ඇත.   නමුත්  මේවා  මෙසේ  සිදුවන්නේ  බාල  මිනිස්  ගති  නිසාය.

IMG-20190612-WA0010

IMG-20190612-WA0012

IMG-20190612-WA0007