spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලාල් ,දිලිත් සහ ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

Must read

 

( 11.00 am ) පාර්ලිමේන්තුවට මේ ආණ්ඩුව පත්වන්නේ මම මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දුන්න නිසාය.
මේ ආණ්ඩුව ගැන දැනටද ඇස් දල්වා බලා සිටීම හැර, විශ්වාසය තැබීමක් මගෙන් සිදුවී නොමැත.

ඒ එසේද වුවත් පසුගිය දින දෙකේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිගහැරුම, විවිධ අමාත්‍යාංශ හා සබැඳිව විවිධ අමාත්‍යවරු විසින් සිදු කරන ලදී.

කාලාන්තරයක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ හරයක් නැති බොල් කතාවලින් හැන්සාඩ් වාර්තා පිරෙනවා දුටිමි . ඒ අතරේ අතරින් පතර යම් වැදගත් විශ්ලේෂණයන් නොතිබ්බාම නොවේ.

ඊයේ මාව විශ්මයට පත් කරන්නට ජාතික ජන බලවේගයේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ සභික ලාල් කාන්ත සහෝදරයා සමත් විය.

කාලෙකට පස්සේ විෂයභාර අමාත්‍යවරයෙක් ජනතාවට දැනෙන ප්‍රශ්නය ජනතාවගේ හැඟීම් දැනීම් සහ ගැටලු ඔස්සේ තේරුම් ගෙන හරයක් දැක්මක් ඇතිව පාර්ලිමේන්තුවේ දිග හරිනවා ලාල්කාන්ත ගෙන් දැක්කෙමි.

තම විෂයට අදාළව හරි තැනින් අල්ලාගෙන කතා කරන්නට ඇමතිවරයෙකුට මෙලෙස හැකිවන්නේ ඔහු තුළ දැක්මක් ඇතුලාන්තරව ඇත්නම් පමණි මේ හරහා මම දැක්කේ ලාල්කාන්ත තුළ සිටින නායකත්ව පෞරුෂයයි.

දැන් මේ වන විට ලාල් කාන්තගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අළලා පෙරහැරේදී පමණක් අලි දැක්ක මිනිස්සු කීප දෙනෙක් කැලඹී සිටීම සාම්ප්‍රදායික ගොහුරුවේ ලක්ෂණයක්ය.

නමුත් ලාල්කාන්ත දිගහල සුවිශාල දේශපාලන පෞරුෂය ඉදිරියේ හිරු දුටු පිණිමෙන් ඔවුන් වාෂ්ප වී යනු නියතය.

වමේ මිනිහෙක් හැටියට ඔහු තුළ කාලාන්තරයක් නිධන්ගත වී තිබූ සමාජය දෙස සාධාරණව බැලීමේ මහා වපසරිය පාර්ලිමේන්තුවේදී ඔහු මුදා හැරියේය.
ක්‍රියාවට නැගීමේදී සාර්ථක වුණත් නොවුණත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ තමන්ගේ විෂය පිළිබඳවත් රටේ ජනතාවගේ ස්නායු කම්පනය පිළිබඳවත් දැනෙන නායක වරුන්ය.

මම මේ ලිපිය ලිව්වේ තමන්ගේ අමාත්‍යාංශයට ගොදුරු වන ජනප්‍රජාවගේ, සහ ඔවුන් අතරේ ප්‍රකටව සිට අඬන, හඬක් නැති කෙළවරේම මිනිසාගේ හදවතේ කදුළු පාර්ලිමේන්තුවේ විල්ලුද පළස මත ස්ථානගත කිරීමට තරම් ලාල්කාන්ත සංවේදී නායකයෙක් බව ප්‍රකට කිරීම නිසයි.

ඔහුට දැක්මක් ඇති බවද දැක්ම වෙනුවෙන් ක්‍රියා කිරීමට ඔහු නිර්භය බවද නිර්භයව ප්‍රකාශ කිරීම නිසයි. Mr Lal Khantha through his speech expressed that he is a leader with the Vision and his mission will be launched through several projects to achieve the harvest of his vision.
පාර්ලිමේන්තුව තුළ විෂයානු බද්ධව කතා කිරීම රටේ ක්‍රමික භාවයට හා වර්ධනයට හේතුවන දෙයක්. අවම වශයෙන් ඔහු මෙලෙස සිතීම ගැන මම ඔහුට ගරු කරමි.

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ නායකයෙකුගේ හෝ මන්ත්‍රීවරයෙකුගේ භූමිකාවේ බරසාර බව දැනට නිතරගයෙන් දිලිත් ජයවීර හිමිකරගෙන තිබේ.

ඔහුගේ ඉදිරිපත් කිරීමේ සුමට බව ට අභියෝගාත්මක බව අන්තර්ගතය .

කරුණු බෙදා වෙන්කර ගැනීමේ විෂයානු බද්ධ බව ගැඹුරින් අර්ථ නිරූපණය කිරීමේ හැකියාව සහ උගත්කම බොහෝ ම දේ කියවා ඇති බවත් ජන මනස ගැන ඇසූ පිරූ දැනුමක් ඇති බවත් ඔහුද ප්‍රකට කරන්නේ ලාල්කාන්ත වැනිම වූ අනාගත නායකත්ව ලක්ෂණයකිනි.

උගත්කම දේශපාලනයට අත්‍යවශ්‍ය අංගයක් නොවේ ඊට හේතුව නම් දේශපාලනය වෙනම විෂයක් වන අතර එය දැන සිටීමම උගත්කමකි. එනිසා අධ්‍යාපන සුදුසුකම් දේශපාලනයේ සැලකිය යුතු මිම්මක් නොවේ. දේශපාලනයේදී අවශ්‍ය වන්නේ මෝඩයෙකු බව ප්‍රකට නොකර සිටීම පමණි.

කලාකරුවෙකුට ගුරුවරයෙකුට නීතිඥවරයෙකුට මෙන්ම දේශපාලනඥයෙකුටද තමාව හඳුන්වාදීමේ කලාත්මක හැකියාවක් තිබිය යුතුය. තමාට එම කලාත්මක බව නැත්නම් ඒ නැති බව තේරුම්ගෙන තමාව ගොඩනැගීමේ කාරණය ඇති එකෙකුට භාර කළ යුතුය. මට වඩා එකෙක් නැතැයි සිතීම දේශපාලනයේදී භාවිතාවන්නේ මම හොඳම මෝඩයා යන ප්‍රත්‍යක්ෂතාව සඳහාය.

ඒ මානයෙන් ගත් කල ලාල්කාන්ත සහ දිලික් ජයවීර එක්ව සිටියත් වෙන්ව සිටියත් ලංකාවේ දේශපාලනයේ කෙත නරකක් නොවන තැනකට අස්වැද්දීමේ හැකියාව ඇති අය බව දැනට පෙනේ.

ඔවුන් හොඳ ගොවියන් නම් කිරිකලයට ගොම මිශ්‍ර නොවීමට වගබලා ගත යුතුය.

මම ශ්‍රී ලංකාවට සුභ පතමි .

(ජනක එදිරිසිංහ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article