ලාල් කාන්ත⁣ගේ ප්‍රකාශය ගැන ලැජ්ජා වන බව ඉද්දමල්ගොඩ පියතුමා කියයි.

0
396

ලාල් කාන්ත විසින් පසුගිය දිනක පවසා තිබු⁣නේ යුද්දය ගහලම ඉවරකරන්න කියපු ජවිපෙ ස්ථාවරය ගැන ආඩම්බර වනවා වැනි අදහසකි.

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන් සිය ෆේස්බුක් පි⁣ටු⁣වේ ලාල් කාන්තට එරෙහිව මෙසේ සටහන් කර තිබේ.

මම මෙවර චන්දය දෙන්නේ මාලිමාවටය. අන් අයගෙන් ඉල්ලා සිටින්නෙත් ඔවුන්ගේ චන්දය මාලිමාවට දෙන්න කියාය. රටේ පවතින අදුරු යුගය දුරු කළ හැකි වෙනත් සුදුසු පක්ෂයක් නැත.

නමුත්, මෑතකදී මාලිමාවේ විධායක සභික ලාල් කාන්ත සහෝදරයා රත්නපුර දිස්ත්‍රික්කයේ විශ්‍රාමික හමුදා නිලධාරීන් අමතමින් උතුර නැගෙනහිර දමිල ජනතාවට එරෙහි යුද්ධය සදහා මතවාදය නිර්මාණය කිරීමේ කාර්ය පිළිබදව තමන් ආඩම්බර බව පවසමින් කල ප්‍රකාශය සමග මම කිසිසේත් එකග නොවෙමි. එම ස්ථාවරය පිළිබදව මම ලජ්ජාවට පත්වන්නෙමි. මාලිමාවේ යුක්තිය සහ සහජීවනය පතන අන් අයගෙන් ඉල්ලා සිටින්නේද එවන් මතවාද ප්‍රතික්ෂේප කරන ලෙසය.

ඉද්දමල්ගොඩ පියතුමා විසින් කර ඇත්තේ ප්‍රබල ඉල්ලිමකි.තම සහෝදරයාට ප්‍රේම කිරිම  කිතුනු දහමේ මුලිකතම පදනමකි.සරත් පියතුමා කිතුනු අනුගාමිකයෙකු  ලෙසින් ලාල් කාන්ත⁣ගේ ප්‍රකාශය ගැන සැබැවින්ම ලැජ්ජා වන්නේ ඒ නිසා විය යුතුය

උන්වහන්සේ අති ප්‍රබල ලෙසින් සිය අදහස සටහන් කර තිබේ.

මේ අනුව දැන් අභියෝගය ඇත්තේ සරත් පියතුමන් සමගින් එකට කටයුතු කරමින් සිටින අනෙකුත් කතෝලික සමාජ ක්‍රියාකාරින් වෙතය.සරත් පියතුමාගේ ස්ථාවරය නිවරදි නම් අන් අය දැන් කියා සිටින්නේ කුමක්ද?
ඔවුන් පමණක් නොව මාලිමාවේ සිටින යුක්තිය සහ සහජිවනය අගයන සැමගෙන්ද ඉද්දමල්ගොඩ පියතුමා ඉල්ලා සිටින්නේ ලාල් කාන්තලාගේ මෙවැනි මතවාද ප්‍රතික්ෂේප කරන ලෙසය

සරත් පියතුමන්ගේ ඡන්දය මාලිමාවට වුවද දෙමළ බස කතාකරන ජනයාගේ ඡන්දය නම් කිසිවිටකත් මාලිමාවට නොලැබෙන බව පසුගිය දිනවල උතුරේදි අප විසින් සිදුකරන ලද විමසිම්  වලදි ඉතා පැහැදිලි වු බවද මෙහිදි සටහන් කළ යුතුව තිබේ.

විශේෂයෙන්ම මාලිමාව ගැන යම් උනන්දුවක් දක්වන උතුරේ බුද්ධිමතුන් විසින් පවා කියා සිටියේ මාලිමාව විසින් දමිල බස කතා කරන ජනයාට එරෙහිව සිදුකරන්නට යෙදුන බරපල විනාශය ගැන අනිවාර්යයෙන්ම ප්‍රකාශයක් කළ යුතුව ඇති බවය.එමෙන්ම දමිල ජනයාගේ ඉල්ලිම් සම්බන්ධයෙන් ස්ථාවරයද ඉතා පැහැදිලි ලෙසින් කියා සිටිය යුතු බවය.