ලුණුකඩ හන්දියේ මාරක වලක් – කාන්තාවක් අනතුරට???

0
61

මීගමුව   කොප්පරා හන්දියේ  සිට දුම්රියපළ දක්වා  පැමිණෙන විට හමුවෙන ලුණුකඩ හන්දිය අසල  විශාල වලක් හෑරී තිඛේ. මෙම ස්ථානය  හතරමං හන්දියන් බැවින් සිව් දිසාවෙන් පැමිණෙන වාහන නිසා තදබදය වැඩි වෙලාවට මෙම වල කාටත් බාධකයකි.     ඊයේ
(26 ) වනදා දහවල් මෙම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවක් සිය යතුරුපැදිය මෙම ස්ථානයේදී ලෙස්සා ගොස් වැටී ඇති අතර ඇයගේ අතක් තුවාල වූ බව එම ස්ථානයේ  සිටි මගීන් කිහිපදෙනෙකු මීපුරට වාර්තා කර සිටියේය.  මේ සම්බන්ධයෙන්  මීගමුවේ බලධාරින්ට   කීපවාරයක් මතක්කර තිඛෙන බවත් මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නගර සභා පාලනය විසින් ගෙන නොමැති බව මීගමුවේ පුරවැසියෙක් මීපුරට පැවසීය.lunukada juntion lunukada juntion.jpg2

Save

Save