ලොකු ලුණු කිලෝවක් 500ක් දක්වා ඉහලට ?

0
73

දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් අද ( 20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන බව ITNnews සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ..

ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා වීමත් සමඟ මෙසේ එක වරම දේශීය සහ විදේශීය ලොකු ලුණු මිල ඉහළ ගොස් තිබෙන බවයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය..

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් 380ත් 400ත් අතර තොග මිලක් පැවති බවයි වෙළෙන්ඳන් පවසා සිටිති.

විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුණු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූණු සඟවා තබාගෙන මිල ඉහළ දැමීම සිදුකර තිබෙන බවයි ජනතාව පවසති.

කෙසේ වෙතත් පාකිස්ථානය සහ ඉන්දියාවේ තවත් මාස කිහිපයකින් ලොකු ලූණු අස්වනු නෙළීම ආරම්භ කිරීම සිදුවන හෙයින් තව මාසයක් පමණ ගත වෙද්දී විදේශීය ලොකු ලුණු මිල පහත යනු ඇතැයි වෙළඳපොළ ආරාංචි මාර්ග දක්වා සිටි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූණු සහ විදේශිය ලොකු ලුණු මිල මෙතරම් සීඝ්‍රයෙන් ඉහළ යද්දී පාරිභෝගික ජනතාවට ලොකු ලුණු කිලෝවක් රුපියල් පන්සියය ත් 600 ත් අතර මිලකට අලෙවි වනු ඇති බව තොග ව්‍යාපාරිකයෝ වැඩිදුරටද පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් .සිරිවර්ධන මහතා කියා සිටියේ මේ වන විට වර්ෂාපතනය සහ ඉතා ගුණාත්මකභාවයෙන් ඇති ලූණු නොමැති වීම නිසා හොඳ ලූණුවලට ඉහළ ඉල්ලුමක් පවතින බවයි.

ඒ අනුව දේශීය ලොකු ලුණු කිලෝවක් රුපියල් තුන්සිය අසූව තුන්සිය අනූව සහ 400 යන මිල ගණන් යටතේ අලෙවිවෙන බවත් ඉදිරියේදී මිල යම් මට්ටමකින් තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු අවධාරණය කලේය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here