ලොවම ප්‍රතික්ෂේප කරන ජුන්ටාවට ගෝඨාභය රෙජීමය ආරාධනා කරලා ! – බිමල්

0
62

අප්‍රේල් 01දා කොළඹ දී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වන ලෙස ඉල්ලමින් මෙරට විදේශ අමාත්‍යංශය විසින් මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සමාජ ජාල වෙබ් අඩවි වල දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් එක්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී – බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ ලෝකය විසින්ම ජුන්ටාව ප්‍රතික්ෂේප කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ රෙජීමය විසින් එයට ආරාධනා කර ඇති බවයි. මෙමගින් මියන්මාරයේ පීඩිත ජනතාව පාවා දී ඇති බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් හුදෙකලා කරවන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

[Image: Bimal 2021 03 11 at 00.11.00]

කෙසේවෙතත්, මේ සමබන්ධයෙන් පළ වී ඇති සමාජ මාධ්‍ය වාර්තා සමබන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කර තිබේ.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියළුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇති බව එහි දැක්වේ.
srilankamirror.com