ලෝක බැංකුවේ සහයෙන් මීගමුවට උසස් පාරිහෝගික සේවාවක් ?

0
115
ලෝක බැංකු වැඩසටහන යටතේ බේකරි හිමියන් දැනුවත් කිරිම

Bakery 1bakery 4ලෝක බැංකු ආධාරය යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන ඒකකය විසින් මෙහෙයවනු ලබන උසස් සහ ගුණාත්මක පාරිහෝගික සේවාවක් ලබාදිම අරමුණු කොට ගෙන විශේෂ වැඩපිලිවෙලක් දියත් කිරිමට මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ වැඩපිළිවෙල යටතේ බේකරි නිෂ්පාදකයන් සදහා විශේෂ වැඩමුළුවක් අද මීගමුව මහනගර සභාවේදි  පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරියෙකු කියා සිටියේ ඉදිරි දිනවලදි මීගමුවේ ආපන ශාලා හිමියන්ට මෙන්ම සිල්ලර බඩු කඩවල අයවද දැනුවත් කිරිමට වැඩපිළිවෙලක් යොදා ඇති බවය.
නගරාධිපතිවරයාගේ විශේෂ මගපෙන්විම යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සදහා නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා මහතා සහභාගිවන බවද අදාල නිළධාරි මහතා මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
වැරදි නිවරදි කර නොගන්නා අයවලුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි අප විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ නිති පිළිෙනොපදින අයට සදහා නඩු පැවරිමේ බලය ඇත්ෙත් නගරාධිපතිවරයාට පමණක් බැවින් නගරාධිපතිවරයාගේ අදාල බල තල යටතේ අවැසි නම් ඒ අයට එරෙහිව නිතිමය පියවර ගැනිමට තමන් පියවර ගන්නා බවය.Deputy MayorLaxman Vasantha (PHI)