ලෝක වකුගඩු දිනය අදයි !

0
212

ලෝක වකුගඩු දිනය නම් කෙරෙන්නේ International Society of Nephrology (ISN) සහ  International Federation of Kidney  Foundations (IFKF) යන ජාත්‍යන්තර සංවිධාන ද්විත්වයෙ මුලපිරීමක් ලෙසටයි. මීට වසර 10කට පමණ පෙර මෙහි ආරම්භය සිදුවී තිබුණත් මෙම දිනය ලොව පුරාම කථාබහට ලක්වන සංසිද්ධියක් බවට පත්වන්නේ මෑත කාලයක සිටයි. සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බහස්පතින්දා දිනය ලෝක වකුගඩු දිනය ලෙස හදුන්වනු ලැබෙන අතර මේ වසරේ එය යෙදී ඇත්තේ හෙට දිනට එනම් මාර්තු 10වනදාටයි.මේ සෑම වකුගඩු දිනයකදීම ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘතිකයන්,රජයේ නිලධාරීන්,සාමාන්‍ය ජනතාව මෙන්ම වකුගඩු රෝගීන් පවා ලෝක වකුගඩු දිනය සැමරීමේ ලොව පුරා පවත්වන උත්සව සදහා සහභාගී වීම දක්නට ලැබෙනවා.

මෙම වසරේ මාර්තු 10බවනදාට එනම් හෙට දිනය යෙදී ඇති ලෝක වකුගඩු දිනයේ තේමාව වන්නේ “ඉක්මන් කියාකාරීත්වය මගින් එයින් වලකිමු” (Act early to Prevent it) යන්නයි.එලෙසම මේ වසරේ සංවිධානය වන සැමරීම් වලදී මුල්තැන දී ඇත්තේ වකුගඩු රෝගය හා දරුවන් වෙත වීමත් මෙවර මෙහි ඇති විශේෂත්වකි.

wkd-header-banner-2016-4

සමස්ථයක් වශයෙන් ගත් විට සාමාන්‍යෙයන් ලෝක වකුගඩු දිනයේදී එහි සංවිධයකයන් විසින් තමන්ගේ මූලිකත්වය ලබාදෙන අරමුණු පහත පරිදිඉදිරිපත් කල හැක.

  • වකුගඩු පිලිබද දැනුවත්භාවය වැඩිකිරීම.
  • දීර්ඝකාලීන වකුගඩු අකරණිය සදහා මූලික හේතුවන්නේ අධික රුධිර පීඩනය හා දියවැඩියාව බවට ජනතාව දැනුවත් කිරීම
  • අධික රුධීර පීඩනයෙන් හා දියවැඩියාවෙන් පෙලෙන සියළුම රෝගීන් වකුගඩු වල කියාකාරීත්වය පරික්ෂා කෙරෙන පරීක්ෂණ සදහා යොමු කිරීම
  • දීර්ඝකාලීන වකුගඩු අකරණිය හුනාගැනීඹ හා එය අවම කිරීම සදහා ගතහැකි කියාමාර්ග පිලිබද සියළුම වෛද්‍ය වෘතිකයන් දැනුවත්කිරීම
  • දැනට වසංගතයක් සේ වැඩිවෙමින් පවතින වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය කියාමාර්ග කඩිනම් කරන ලෙස වගකිවයුතු සියළුම රජයේ නිළධාරීන්ගෙන් ඉල්ලා සිටීම.

සෑම වසරකදීම මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ඔවුන් ලොව පුරා වෙසෙන සියළුම දෙනා දැනුවත් කිරීමේ වැඩසටහන් කියාත්මක කරමින් පවතී.

වර්ථමානය වන විට ශිලංකාව මුහුණ දී ඇති පධානතම අභියෝගයන්ගෙන් එකක් ලෙස මෙම වකුගඩු රෝගය හදුනාගත හැකිය. විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කෙරෙන උතුරුමැද පළාතේ මෙන්ම දිවයින් පුරා සෑම පළාතකින්ම පාහේ මේ වන විට විශාල වකුගඩු රෝගීන් පමාණයක් හදුනාගෙන ඇත. නමුත් අප රට තුල මෙම රෝගයේ තත්වය තවත් දරුණු තත්වයට පත්වන්නේ මෙම රෝගයට නිවැරදි හේතුව සොයා ගැනීමට අප තවමත් අපොහොසත් වීම තුලයි. විවිධ විද්වතුන් හා පර්යේෂණ කණ්ඩායම් විසින් විවිධ පරීක්ෂණ පවත්වා රෝගය සදහා හේතු විය හැකි කාරණා බොහෝ පමාණයක් ඉදිරිපත් කර තිබුණත් ඒ ඔස්සේ යමින් මීට හේතු විය හැකි නිවැරදිම හේතුව හෝ හේතූන් සෙවීම අප විසින් කඩිනම් කල යුතුව ඇත. එසේත් නැතිනම් වකුගඩු රෝගය මෑතකදීම අප රටේ විශාල ව්‍යසනයක් බවට පත්වනු ඇත. එම නිසා හෙට  දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය තවත් එක් හුදු සැමරීමක් කර නොගනිමින් රෝගය මැඩපැවැත්වීම සහ තුරන් කිරීමට ගත යුතු කියාමාර්ග ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් අදාළ බලධාරීන් කටයුතු කිරීම වඩාත් කාලෝචිතය.
මිතිලයා ගමගේ