වකුගඩු රෝගින්ට ජිවිතය ලබාදිමට රජයට වැඩපිළිවෙලක් තිබේද ?

0
240

tp-kidney-090625‘අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නා, ඒ වාර්තාවේ පිටපතක් ලබාගන්නට. අපි තීරණයක් ගත්තා,විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම තහනම් කරන්න. ඒ සඳහා චක්‍රලේඛයක් සියලුම පුද්ගලික රෝහල්වලට නිකුත් කළා. මුදලට ශරීර අවයවයක් ප්‍රදානය කිරීම තහනම්. ඒ නිසයි කියන්නේ තමන්ගේ ආසන්නම ඥාතියෙකුගෙන් ගන්න කියලා, ශ්‍රී ලංකාවේ එසේ ප්‍රදානය කරන අය ඉන්නවා. එය ජාවාරමක් ලෙස තිබෙනවා නම් ඒ පිළිබඳව පියවර ගන්නවා’. යැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ සිදු වූ බව කියන වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකික වෛද්‍යවරු හය දෙනෙක් සම්බන්ධ බවට පළවන වාර්තා පිළිබඳව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි 21 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.
රටතුල බරපතල සංවාදයකට ලක්වෙමින් ඇති වකුගඩු ප්‍රශ්ණයේදි ඉන් පිඩාවිදින අතිබහුතරයක් දෙනා අසරණ වි ඇත්තේ තමන්ට සුදුසු වකුගඩුවක් සොයා ගැනිම පිළිබදව ඇති බරපතල ගැටලුව නිසාය.
අද යථාර්ථය නම් වකුගඩු රෝගින් වෙනුවෙන් ඥාාතින් විසින් ස්වේජ්ඡාවෙන් ඉදිරිපත් ව වකුගඩු දන්දෙන අවස්ථා ඇත්තේද අතිශය විරල ආකාරයකිනි.
මේ පසුබිම යටතේ ඉතිරිව ඇති එකම විසදුම වන්නෙ මුදලට වකුගඩුවක් ලබාදිමට කැමැති අයෙකුගේ  සරණ පැතිමය.
මේ අතරමැද්දට දැන් පැන ඇති අතරමැදි වෙළෙන්දා විසින් අද මෙය විශාල ලෙස මුදල් උපයන ජාවාරමක් බවට පත්කරගෙන ඇත.
මේ පසුබිම තුල රජය විසින් කළ යුතුව ඇත්තේ වකුගඩු රෝගය නිසා අන්ත අසරණ තත්වයකට පත්ව ඇති රෝගින්ගේ ප්‍රශ්ණයට දිගුකාලින විසදුමක් ලෙස වකුගඩු පරිත්‍යාගශිලින් උනන්දු කරවන සංස්කෘතියක් නිර්මාණය කිරිමටත් එමෙන්ම දැනට නුවර රෝහල කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක කර ඇති වකුගඩු සංවිතය වැනි වැඩසටහන් රාජ්‍ය අනුග්‍රය මත තව තවත් දි්‍යුණු කිරිමය.