වගකීමෙන් කටයුතු කරන්න ! අසත්‍ය පතුරුවන්න එපා ! රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමක් !

0
79

16bd6edde660697e40aad043d6a9cc28_XLකොරෝනා වෛසරය සම්බන්ධයයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබ තිබේ.
වෛරසය සම්බන්ධයෙන් යම් ආසාධිත පුද්ගලයෙකු කුමන හෝ ස්ථානයකින් හඳුනා ගතහොත් ඒ පිළිබඳ තොරතුරු නිල වශයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙසේ අවධාරණය කර සිටි.
වෙනත් රෝගාබාධවලට ලක්වූ පුද්ගලයින්ගේ ඡායාරූප පල කරමින් ඔවුන් කොරෝනා අසාදිතයින් බවට සාමාජ මාධ්‍යවල ඇතැමුන් හුවාදක්වන බවත්, එමෙන්ම දිවයිනේ විවිධ රෝහල්වලට මෙවැනි රෝගීන් ඇතුළත් කර ඇති බවට වන සාවද්‍ය  ප්‍රචාරයන් විශ්වාස නොකරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
තමන්ගේ මුහුණු පොතේ පිටු ජනප්‍රිය කරගැනිම සදහා  ආචාර ධර්ම විරෝධි ලෙසින් හැසිරෙන්නන් දිනෙන් දින සයිබර් අවකාශය තුල වැඩිවෙමින් තිබේ.එය සැබැවින්ම කණගාටුවට කරුණකි.
ඛේදවාචක විකුණු ගොඩයැමට කව්රුන් හෝ උත්සාහ කරන්නේ ඒ සැම හදුන්වාදිය හැක්කේ මිනිස් භාග ලෙසින් පමණි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය පහතින් දැක්වේ .
Media_Release_2020.01.28_1