වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය …

0
136

R2L eventහෙට)  දිනයට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් වින්දිතයන් හා මානව හිමිකම් ක්‍රියාධරයන් එක්ව පවත්වනු ලබන විශේෂ උත්සවයක් කොළඹ 07, නිදහස් පටුමගේ පිහිටි ඔලිම්පික් හවුස් ශ්‍රවනාගාරයේ දී සවස 4.00 සිට 6.30 දක්වා පැවැත්වීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් කටයුතු යොද තිබේ.

මෙම වැඩසටහන සදහා ශ්‍රි ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, පහත්කොට සැලකීම් හා ජාතිභේදවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය අධිකරණ විශේෂඥ වෛද්‍ය යු.සී.පී. පෙරේරා හා නීතිඥ ලක්ෂාන් ඩයස්, රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක යන අය මෙහිදී විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම උත්සවයේ දී වින්දිතයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද අදහස් දැකවීමට නියමිත අතර, එහි දී වත්තල පොලීසියේ දී වධහිංසාවට පාත්‍රව පසුව ඝාතණයට ලක්වූ ජෙරාඞ් මර්වින් පෙරේරාගේ බිරිද වන පද්මා වික්‍රමරත්න, කටුනායක කම්කරු අරගලයේ දී පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය රොෂේන් ශානක ගේ මව වන මේරි ස්වර්ණ කාන්ති හා කන්දෙකැටිය පොලිස් පහරදීමෙන් මිය  ගිය සදුන් මාලිංගගේ මව වන කේ.යූ. මල්ලිකා යන අය විශේෂයෙන් අදහස් දැක්වීමට නියමිතව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here