වන අලි පහරදීමකින් කථිකාචාර්යවරියකට අසාද්‍යයි

0
93

kilinochchi-Hospital

වන අලියෙකු පහරදීමකින් යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ, කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරියක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.කිලිනොච්චිය,අරවියල්නගර් ප්‍රදේශයේ, තාක්ෂණ පීඨය තුළ පිහිටි නේවාසිකාගාරය අසළ දී අලියා ඇයට පහර දී තිබේ.
ඊයේ (19) රාත්‍රීයේ ඇය කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ කැළණිමුල්ල ප්‍රදේශයේ පදිංචි 32හැවිරිදි කථිකාචාර්යවරියකි.