වන්දනාවට කාලය දුන් ධීවරයෝ යළිත් මහ මුහුදට ..   ……..

0
117
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

              මීගමුවේ මෙන්ම  වෙරළ තීරයේ   වෙසෙන කතෝලිකයන්ගේ  වසරේ ප්‍රධානතම වන්දනා ගමන් කාලය  සනිටුහන් වන්නේ ජූලි හා අගෝස්තු මාසයන් තුලදීය.

                විශේෂයෙන්ම මීගමුව හා මීගමුව ආශ්‍රිතව වෙසෙන ධීවර ප්‍රජාව තලවිල දේවස්ථානයේ මංගල්‍යයට මෙන්ම මඩු දේවස්ථානයේ මංගල්‍යයට ද සහභාගි වෙති.

                    මෙයට අමතරව මේ ධීවර ප්‍රජාවේ බොහෝ දෙනෙක් පුත්තලම
එළුවන්කුලම පාරේ පල්ලකන්ඩල් ප්‍රදේශයේ විල්පත්තු රක්ෂිතයේ පිහිටි  ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනි තුමාගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ද සහභාගි වෙති. එය පැවැත්වුයේ ඉකුත් ජූලි  14 වැනි දිනයි.
        එමෙන්ම මේ වන්දනාකරුවන් අතරින් බොහෝ දෙනෙක් තලවිල දේවස්ථාන භූමියට යෑමට ප්‍රථමයෙන් හෝ නැතහොත් තලවිල දේවස්ථාන භූමියේ කඳවුරුලා සිටින අතරේ පවා මේ මෑතකදී ඉදිකල  උච්චිමුණි ප්‍රදේශයේ පිහිටි වේලක්කන්නි දේවමාතා දේවස්ථානයටද ගොස් වන්දනාමාන කිරීම සඳහා ද සහභාගි වෙති.
                       ඉන් පසුව ඔවුන් අගෝස්තු මාසයේ මුල් සතියේ  ඉරිදා දිනයේ එනම් අගෝස්තු 04 වැනිදා පැවති  තලවිල  දේවස්ථායේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වෙති. ඉන්පසුව ඔවුන්  ඓතිහාසික මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වෙති. එය පැවතියේ ඉකුත් 15 වැනි දාය.  එම මංගල්‍යයෙන් පසුව ආපසු එන ගමනේදී  බොහෝ දෙනෙක් මන්නාරම කත්තර දේවස්ථානයට ගොස් ආගමික වන්දනාමාන කටයුතුවල නිරත වෙති. ඉන් අනතුරුව ආපසු පැමිණෙන අතරතුර පුත්තලම, පාලවියට  ආසන්නව පිහිටි  කරිකට්ටිය ග්වාඩලූපේ දේව මාතා දේවස්ථානයටද ගොස් වන්දනාමාන කටයුතු කරති.

   මේ ආකාරයෙන් සති දෙකකට තුනකට වැඩි කාලයක් තම රැකියා කටයුතු වලින්  සහ තම නිවසින් මෙන්ම තම ගම් ප්‍රදේශ වලින්  ද බැහැර වී සිටි පිරිස් මේ වන විට තම ගම්බිම් බලා පැමිණෙමින් සිටි. විශේෂයෙන්ම මේ වාර්ෂික වන්දනා චාරිකාවට එක් වු  ධීවර ප්‍රජාව තම රැකියා කටයුතු වල නිරතවීමට තම ගම්බිම් බලා පැමිණ තිබේ.

            එලෙස ගම බිම් බලා පැමිණි බොහෝ ධීවර පිරිස් හෙට දවසේ  සුපුරුදු  තම ජීවිකාව ඇරැඹීමට   මුහුදුයාමට සුදානමින් සිටී.

Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

  වසරක් පාසා මෙවැනි ආගමික වන්දනා චාරිකාවකට සහභාගි වීම තුළින් සිතේ උපදින ආගමික ශ්‍රද්ධාව මෙන්ම පවුලේ අය අතරත් නෑදෑ හිත මිතුරන් අතරත් දැඩිව බැඳෙන සුහදශීලිභාවය නිසාම සියලු දෙනා අතරම දැඩි බැඳීමක් ඇතිවන බව මේ ආගමික වන්දනා චාරිකාවට සහභාගි වී ආපසු පැමින සිටින බොහෝ දෙනෙකු අප හා පැවසීය.
   ආගමික ශ්‍රද්ධාව මෙන්ම විනෝදාස්වාදය තුළින්ද ලැබෙන මානසික සංතෘප්තිය විශේෂයෙන්ම තමන් නිරත ධීවර රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට විශාල මානසික අස්වැසිල්ලක් වන  බව ද  ඒ බොහෝ දෙනෙකුගේ අදහසයි