වයඹ පළාත් සභා මැතිවරණයේදි සජිත්වාදීන්ගේ ඉරණම

0
75

Negombo-News වයඹ පලාත් සභා මැතිවරණයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අපේක්ෂයෝද ලකලැස්ති වෙන්නට පටන්ගෙනය. විශේෂයෙන්ම දෙපාර්ශයෙන්ම මෙවර මැතිවරණයට අලුත් මුහුණු කිපයක්ම එක්විමට නියමිත බවද සැලය.
එජාපයේ වයඹ පළාත් සභා සටන පිළිබද අවිධිමත් සංවාද රැසක් පෙස්ටස් පෙරේරා අවමඟුලේ දින කිපය පුරා මතුව තිබේ.
මේවාට අනුව මෙවර පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජන්ද සටනට පිවිසිමට නියමිත සජිත්වාදින්ගේ දේශපාලන ඉරණම අවිනිශ්චිත බව මේ සාකච්ජා  වලදි මතුව ආ එක් විශේෂ කරුණකි.
විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එජාප  නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් දැනටමත් ක්‍රියාත්මක වෙමින් ඇති ආකාරය වයඹ සජිත්වාදීන්ට
අත්විය හැකි ඉරණමේ පෙරමඟ ලකුණු විය හැකි  බව නම සදහන් කිරිමට අකමැති
පුත්තලම් දිස්ත්‍රික්කයේ  ජේ්‍යෂ්ඨ එ.ජා.ප ක්‍රියාකාරිකයෙක් පවසා ඇතැයි වාර්ථා වේ.