වයි.එම්.සී.ඒ ලෝක අභියෝගය 2017.

0
70

YMCAYMCA 2වයි.එම්.සී.ඒ නිර්මාතෘවරයාගේ දිනය සැමරීම සදහා මේ වසරේදී ජීනීවාහී පිහිටා ඇති ලෝක ‍වයි.එම්.සී.ඒ. සංධානය මෙවර ලෝකය පුරා විසිර ඇති වයි.එම්.සී.ඒ. තුල පැසිපන්දු ක්‍රීඩා කීරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.
ජුනි 03 වෙනිදා පැවැත්වෙන මෙම වැඩසටහනට ශ්‍රි ලංකාවේ සෙත්තප්පාඩුව පමුණුගම වයි.එම්.සී.ඒ. සංගමයද එහි භුමියේදී පැසිපන්දු ක්‍රීඩා කිරීමෙන් සම්බන්ධවේ. මේ පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති නිමන්ත හෙට්ටිආරච්චි මහතා: “මෙම වැඩසටහන ඉතා ඉහලින් ජූනි 03 වෙනිදා සංගම් භූමියේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත. මේ සදහා සහභාගිවී වයි.එම්.සී.ඒ. ලෝක අභියෝගයට සම්බන්ධ වෙන ලෙස මම සැමටම ආරාධනා කරමි”.
අරුණ ශාන්ත නෝනිස්