වෙසක් පුන් පොහෝ දිනයේ උදෑසන මීගමුව ප්‍රදේශයම සසල කරමින් ,නිවසක ඇතිකළ සුනඛයෙකු නිවස අසලදීම වෙඩිතබා ඝාතනය කිරීම පිළිඹඳ පුවත නොබෝ වේලාවකින්ම රට පුරා පැතිර හියේ සැමගේ සිත් කම්පා කරමිනි.
විශේෂයෙන්ම බුදුදහමින් පෝෂිත අපේ රටේ බෞද්ධයන්ගේ උතුම් ම දිනය වූ වෙසක් පුන් පොහෝ දින සිදුකළ මෙම කුරිරු සත්ත්ව ඝාතනය සැම දෙනා විසින්ම පිළිකුලින් යුතුව හෙලාදැකිය යුත්තක්. මෙයට ටික කළකට පෙර “චාලි“ නම් සුනඛයාද කුරිරු ලෙස පනපිටින් ගිනිතබා මරණයට පත් කළ පුවත ද වාර්තා වූවේ මීගමුව ප්‍රදේශයෙන්ම වීම විශේෂයක්.
වෙසක් පෝය දිනයේදී එම සුනඛයාට වෙඩිතබන අයුරු අසල නිවසක තිබූ වීඩියෝ කැමරාවක සටහන්වී තිබුන ආකාරය රූපවාහිනී නාලිකාවල. ප්‍රවෘත්ති විකාශයන්හි විකාශණය කරනු ලැබුවා. මේ සම්බන්ධව එම ක්‍රියාව හෙලාදකිමින් විශාල සටහන් ප්‍රමාණයක් සමාජ ජාල වෙබ් අඩවි තුල සටහන්වී තිබෙනවා
තමන්ට කිසිදු ජීවිත තර්ජනයක් නොමැතිව,තම ඉඩමටවත් ඇතුලු නොවී මහමග ගමන්ගත් අහිංසක සුරතල් සුනඛයාට කිසිදු හිතක් පපුවක් නැතිව අමානුෂික අයුරින් වෙඩිතබා මරාදැමුවේ ඔහුගේ මිනිසත්බව පිළිඹඳව ප්‍රශ්ණයක් ලෝකයා හමුවේ ප්‍රශ්නාර්ථයක් තබමින්. පටිගත වූ වීඩියෝ දර්ශණ අනුව අදාල සත්ත්ව ඝාතනයේ සැකකරු මේ වනවිට අත්ඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට ඇප පිට නිදහස්කොට තිබෙනවා.
1907 අංක 13 දරණ සත්ව හීංසා වැළැක්වීමේ ආඥාපනත ප්‍රකාරව මේ සම්බන්ධව නඩු පැවරීමේ හැකියාව පවතිනවා. නමුත් එම ආඥාපනත මෙයට වසර 113 කට කළින් පැනවූ ආඥපනත නිසා වත්මන් සමාජයට ගැලපෙන පරිදි එය යාවත්කාළීන විය යුතුව පවතිනවා. අතීතයේ මෙන් නොව වර්තමානයේදී ලොව පුරාම සතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටත්, වද හිංසාවලින් ආරක්ෂාකිරීමටත් අදාල නීති රීති සම්පාදනය වී තිබෙනවා. ඉන්දීය ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවටත් සත්ත්ව හිංසාවන් වැළැක්වීමේ ප්‍රතිපාදන ඇතුලත්කොට සතුන්ගේ ජීවත්වීමේ අයිතිය එම රට තුල තහවුරු කර තිබෙනවා.
ලෝකයේ පළමු අභයභූමිය වන මහමෙවුනාවට හිමිකම් කියන, ලෝකයේ මහා අවිහිංසාවාදී, සියලු සතුන්ට මෛත්‍රිය පතුරුවන තේරවාදි බුදුදහම උරුම අපේ රටේ පෙර කාලයේ සතුන්ට හිංසා නොකළේ සියලු දෙනා පන්සිල් වලින්, බණ දහමින් හික්මුන පිරිසක් වූ නිසායි. නමුත් වර්තමානය වනවිට එම ගුණ දහම් පිරිහී ගොස් , මත්පැන් සහ සත්ත්ව මාංශ ඒ සමග යන ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති අපේ රටේ සත්ත්ව හිංසාවට එරෙහි නව අණපනත් වහාම පැණවීමේ අවශ්‍යතාවය අවධාරණය කළයුතු වනවා.
මීට ටික කාළයකට පෙර කොබෙයිගනේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය ගොවිපළේදී අමානුශිකව සුනඛයෙකුට වද දී ඝාතනය කරනවා. සමාජ ජාල වෙබ් අඩවි තුල එය ප්‍රචාරනය වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට රුපියල් සීයක දඩයක් සහ මාස දෙකක ලිහිල් සිරදඬුවමක් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියමකොට තිබෙනවා. මේ හේතුවෙන්ම පෙනෙනවා දැනට පවතින අණ පනත් සහ දඬුවම් ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිවයුතු නෑ. පනත සම්මත කරන ලද කාළයේ එනම් 1907 වසරේ රුපියල් සීයක් යනු ඒ දිනවල ඉඩම් කට්ටි කීපයක් මිලට ගත හැකි මුදලක්. මෙම දඬුවම් වහාම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ මේ නිසයි.
පොලීසිය විසින් අපරාධ නඩු විධිවිදාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව අදාළ චූදිතයාට එරෙහිව නඩු පවරා දඬුවම් ලබාදෙන අතරම මෙවන් විටෙක එම සුරතල් සතාගේ හිමිකරුටද තමන්ට සිදුවූ භාවාත්මක. කම්පනයට එරෙහිවත් එම සත්ත්වයා නැතිවීම නිසා තමන්ගේ ආරක්ෂාවට සිදුවූ පාඩුවටත් අලාභ ඉල්ලා දිලික්ත නීතිය යටතේ නඩු පැවැරීමේ අයිතිය ඇති බවද මෙහිලා සටහන් කරනු කැමැත්‍තෙමි.
නීතිඥ, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
MBBS(PERADENIYA)
LL.B (OUSL)
CER.PSYCHOLOGY AND COUNSELING