වර්ගීකරණය කරන ලද කැලිකසල පමණක් එකතු කිරීම හෙට සිට..

0
424

නිවැරදි ලෙස වෙන්කරන ලද කැළිකසල පමණක් නගරසභා මගින් එකරැස් කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීම පිලිබදව වූ අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංකල්පය ක්‍රියාවට නැංවීම හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය.එහි ආරම්භක වැඩසටහන හෙට දිනයේ උදෑසන ජනාධිපති නිළ නිවසේදී ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිත අතර එලෙස සවස් යාමයේදී අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදීද සිදුවීමට නියමිතය.

ඒ අනුව හෙට දිනයේ සිට සියළුම නගරසභා තීරණය කර ඇති පරිදි නිවෙස් වලින් එකතු කරන සියළුම අපද්‍රව්‍ය දිරන හා නොදිරන ලෙස වර්ග කිරීමකට ලක්කර භාරදිය යුතු වෙනවා. එසේ වෙන් කිරීමකින් තොරව නගර සභා ට්‍රැක්ටර වෙත භාරදෙන අපද්‍රව්‍ය හෙට දිනයේ සිට එකතු නොකරන බවත් තීරණය කර ඇති බවයි වාර්ථා වන්නේ.

අමාත්‍ය මුස්තාෆා විසින් මේ පිලිබදව සියළුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දැනුවත් කර ඇති අතර අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් මේ පිලිබදව සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. එමගින් සෑම මසකටම වරක් මේ ක්‍රියාවලියේ ප්‍රගතියද නිරීක්ෂණයට ලක්වනු ඇති. මේ ක්‍රියාවලියට සහයනොදක්වමින් මෙම ක්‍රියාවලියට බාධා වන අයුරින් හැසිරෙන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කිරීමට සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා. එලෙසම මෙම ක්‍රියාවලියට සහය නොදක්වමින් වරදකාරී ලෙස හැසිරෙන පිරිස් පිලිබදව පොලීසිය දැනුවත් කිරීම සදහා පහත දුරකතන අංක භාවිතා කරන ලෙසත් ශ්‍රීලංකා පොලීසිය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

119  හෝ 011 – 2 58 71 24, 011- 2 59 31 11 ශ්‍රි පොලීසියේ පරිසර අංශය

මෙම ක්‍රමය මගින් මෙරට සියළුම නාගරික ප‍්‍රදේශවලින් එක්රැස් වන කැලිකසල ප්‍රමාණය 50% -60% අතර ප්‍රමාණයකින් අඩුකිරීම මෙම ක්‍රියාවේ ඉලක්කය වී තිබෙනවා.

Cost-Of-Removing-Your-Own-Garbage-Garbage-Removal

Trash Collection029

 

 

www.news.lk ඇසුරිණි.