වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන්ගේ 68වන අනුස්මරණය හරිස්චන්ද්‍ර ජාතික පාසල් පරිස්‍රයේදී..

0
822

වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික විරුවාණන්ගේ 68වන අනුස්මරණ උත්සවය සැප්තැම්බර් මස 13 වන දින හරිස්චන්ද්‍ර ජාතික පාසල් පරිස්‍රයේදී අභිමානවත් අයුරින් සිදු කිරීමට සියළු කටයුතු සංවිධානය වෙමින් පවතී. සිංහල ජාතියේ , බෞද්ධ පුනරුදයේ අභිමානවත් සේවාවක් කල වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන් මීගුව සාන්ත මරියා හා කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදිශිෂයෙකි.කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන සහෝදර පාසල ලෙස ආරම්භ වූ මීගමුව ඉංග්‍රීසි බෞද්ධ පාසල 1942 ජනවාරි මස 4 වනදා ආරම්භ වුයේ හරිස්චන්ද්‍ර විද්‍යාලය නමිනි.

මෙම අභිමානවත් උත්සවයේදී පාසලේ විදුහල්පතිතුමන්, සහකාර විදුහල්පති මඩුල්ල හා ආදිශිෂයන් වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන්ට පුෂ්ප උපහාර දැක්වීමට නියමිතය.

fd2-1