වසංගතය , අසරණකම ,සහ නත්තල් උදාවේ රතිඤ්ඤා …

0
144

නෝ මනි නෝ හනි( 7.30 am ) සති 5 ක් ලොක්ඩවුන් කරපු මිගමුවේ ධිවරයෝ බඩගින්නේ කියල අපි ලියද්දි ඒ ගැන නොපෙනුන , ඒ ගැන කමෙන්ට් දාපු නැති මේ ගොඩක් මහත්තුරු මහ උනන්දුවෙන් දෙසැම්බර් පළවෙනිදි පිච්චුන රතිඤ්ඤා ගැන අපේ සටහනට. ප්‍රතිචාර දක්වල තිබුණ.

සමහර අය ඉංග්‍රිසියෙන් ..

ඒකෙන්ම තේරේනවා ඇත්තට රිදෙන තැන කොතනද කියල.

කිතුණුද නොකිතුණුද ආදල නැ .

අපි රටක් හැටිියටත් මිගමුව හැටියටත් මුහුණ දෙමින් ඉන්න ඇත්ත යථාර්ථය තේරුම් ගමු.
අන්න එකට ප්‍රතිචාර දක්වමු.
එතකොට තමයි අපේ නියම කිතුණු කම පෙන්වන්න පුලුවන් වෙන්නේ .
එහෙම නැතිව මේ ව්‍යසනයක් අස්සේ රතිඤ්ඤා දාල එකෙන් ගන්න ආතල් එකෙන් නෙමෙයි .

කොහොම උනත් අතිබහුතරයක් දෙනා රටෙත් මිගමුවෙත් තත්වය තේරුම් අරගෙන මේ වෙඩි පත්තු කරන එක පාලනය කරගෙන තිබුණ. ඒ හින්ද වෙනදට වඩා ඒ සද්දේ ගොඩක් අඩුයි කියන එක තමයි ප්‍රදේශ ගණනාවකින්ම දැනගන්න ලැබුනේ

පොඩි බෝට්ටු 2

පොඩි බෝට්

කිතුණුකම නෙමේ ඕනම දහමකට  උඩින් මනුස්සකම තියන්න ඕන කියල හිතන වටපිටාවක් හදන එක තමයි ප්‍රධාන වෙන්නේ .

ඒකට යටයි මොන ධර්මයත් ..

කුණු හරුප භාෂාවෙන් වැඩියෙන් කමෙන්ට් දාල තියෙන අය ගිහින් තියෙන ඉස්කෝල මොකක්ද කියල හොයල බැලුවම තමයි තේරෙන්නේ ඒ වැඩි දෙනෙක් ගිහින් තියෙන්නේ කතෝලික පාසැල්වලට ..

මේකට විතරක් නෙමෙ මිගමුවේ වැඩියෙන්ම කුණුහරුපෙන් කමෙන්ට් දාන අයගේ එක පොදු ලක්ෂණයක් ඒක.
අනික ඒ වැඩි දෙනෙක් ගිහින් තියෙන එක ප්‍රසිද්ධ පාසැලකුත් තියෙනවා.

විදුහල්පති ස්වාමි කෙනෙක්ගේ කෙරුවාවක් හින්ද ඒ පාසැලේ නමටත් දැන් ලොකු අගෞරවයක් සිද්ද වෙලා   තියෙන්නේ ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here