වසරේ ගතවූ කාලයේදී ජල භීතිකා මරණ 16ක් !

0
230
image_5e2ee5f8ff

මේ වසරේ අගෝස්තු මාසය දක්වා ජල භීතිකාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ 16ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

2018 වසරේදී ජල භීතිකාව හේතුවෙන් ශ්‍රි ලංකාවේ මරණ 25ක් වාර්තා වී තිබේ.

ජල භීතිකාව මිනිසට මෙන්ම සතුන්ටද බෝවන 100%ක් මාරාන්තික රෝගයක් වන අතර ලොව පුරා වාර්ෂිකව ජල භීතිකාව හේතුවෙන් මිය යන සංඛ්‍යාව 55000ක් පමණ වෙයි.

ජල භීතිකාව සම්ප්‍රේෂණය කිරිම සඳහා ක්ෂරපායි සතුන් ගණනාවක් හේතුවන නමුත් ඉන් ප්‍රධාන වන්නේ සුනඛයා බවද එම කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සුනඛ ගහනය මිලියන තුනක් බවත් එයින් වසරක වඳ සැත්කම්වලට භාජනය කරන සුනඛයින්ගේ සංඛ්‍යාව 150000ක් බවත් සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.

ජලභීතිකාව මර්දනය කිරීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 600ක මුදලක් වැය කරන අතර මේ වන විට ජල භීතිකාව ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණ කිරීමට ජාතික වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙයි.
ada.lk