වහල් යුගය සිහිපත් කරන පොලිසියේ ජාතිවාදී හැසිරීම් ගැන පොලිස් ප්‍රධානියා කණගාටුව පළකරයි

0
153

98f78687a5ac4de4b0feffbee630819d_18ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අශ්වාරෝහකව නැගී අත්අඩංගුවට පත් කළු ජාතිකයෙකු කඹයකින් බැද රැගෙන යන යමින් සිටින ඡායාරූපයක් එක්සත් ජනපදය පුරා කෝපයට පත් වී තිබේ. මෙම සිදුවීම අප්‍රිකානු ඇමරිකානුවන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වයල වහල්භාවය සහ වර්ගවාදයේ දීර්ඝ ඉතිහාසයක් සිහිපත් කරවයි.
මෙම සිදුවීම සම්බන්ධව එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ ගැල්වෙස්ටන් නගරයේ පොලිස් ප්‍රධානී වර්නන් හේල් මෙම සිද්ධියෙන් පසු සමාව අයැද සිටියද ඔහුගේ ප්‍රකාශය ර්‍ණදුර්වල” බවට තවත් විවේචන එල්ල වී තිඛේ.