වානිජකරනය වී ඇති පාසල් වල සැමරුම් සහ දරුවන් කඩේ යැවීම

0
409
Cartoon of a boy and a teacher. The student says, "You're goofy, Mr. Schmeltzer! I like that in a teacher."

teacher lecturing studentමීගමුව නගරයේදී සාන්ත පීතර විද්‍යාලයේ 12 වසරේ වානිජ අංශයේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනෙකු    ඊයේ සහ අද  (16,17 ) වෙළද දැන්වීම් එකතු කිරීමට  මිගමුව නගරයේ සාප්පු වල ට ගමන් කරමින් සිටි බව අප  කීපදෙනෙකුගේ නිරීක්ෂණයට හසුවී තිබුණි.  ඔවුන් මෙම සිසුන්ගෙන් විමසා තිබුණේ ඇයි අද ඉස්කෝලේ ගියේ නැත්තේ යනුවෙනි. එවිට ඔවුන් දී තිබූ පිළිතුර   වී තිබුණේ   තමන්ට  වානිජ දිනය සැමරීමේ සමරු කලාපයේ රු 5000ක වෙළද දැන්වීම් පිරවීමට බාරදී ඇතත් එය ඉටුකර ගත නොහැකි වූ නිසාත් අද පාසල් නොගිය බවයි.
මේ වානිජ දින සැමරුම නරක නැති වුවත්  පාසල එය මේ වන විට දරුවාට කරදරකාරී වානිජ දිනයක් කරගෙන ඇති අන්දමට හොදම උදාහරණයකි.මෙම තත්ත්වය සාන්ත පීතර පාසලට පමණක් සීමාවූ ගැටළුවක් නොවන අතර රජයේ පාසල් වලට මෙවැනි අධික වියදම් සහිත වගකීම් සිසුන්හට පැවරිම පාසලේ කුමන කාර්යයකදී වුවද සුදුසු නැත. අධ්‍යාපනය  හැදෑරීමට පාසලට එන දරුවන්ට  දරන්නට වන මෙවැනි වගකීම් ගැන ගුරුවරුන් දෙපාරක් කල්පනා කළ යුතු අතර,  ඒ මදිවාට මේ වෙළදදැන්විම්  වල මුදල් ගෙන ඒම සදහා සමහර පන්ති භාර ගුරුවරුන් සිසුන්  හට බලපෑම් කරන බවද ප්‍රසිද්ධ රහසකි.   රජයේ පාසල් වල සිදුවන  කුමන උත්සවයකදි වුවද එය දෙමාපියන්ට අනවශ්‍ය බරක් නොකර සිදුකිරීමට පැරනි ගුරුවරුන් කටයුතු කළද දැන් විලාසිතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. එය නරක පරමාදර්ශයක් වන අතර මෙය උසස් පාසල් වල ඇති තරගය නිසාම තවත් උත්සන්න වී ඇත.
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ වානිජ දිනය සැමරිම 2017 ඔක්තෝම්බර් 26 වනදාට යෙදී තිඛේ. ඒ වෙනුවෙන් පාසලේ වානිජ සංගමය විසින්   සමරු කලාපයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් වෙළද දැන්වීම් ලබාගැනීමට සිසුන්ට බාර කර ඇත. මෙම වෙළදදැන්වීමක් රු 5000 /3000/2000 යන වටිනාකමට සමරුකලාපයේ පිටු වෙන්කර ඇත.commersසුමදිකා පෙරේරා