වැඩ නිම නොකල මේ ගොඩනැගිල්ලේ වහලයට මුදල් ගෙවු නගර සභා ලොක්කෝ කව්ද ?

0
90

( 8.30 am )  කාමච්චෝඩේ තවමත් ඉදිවෙමින් පවතින ඩඩ්ලි මාර්කට් ගොඩනැගිල්ලේ වහ⁣ලේ වැඩකටයුතු නිම වි නොතිබුනද ඒ වෙනුවෙන් ගෙවිමට තිබුණ මුදල පසුගිය ජනාධිපතිවරණයටත් කලින්ම ගෙවා තිබුණ බව කරුණු වාර්තා විය.

මෙය සැබැවින්ම බරපතල තත්වයකි. මේ මුදල් ගෙවා තිබුනේ සැප්තැම්බර් 21 ට කලින්ය.

එහෙත් (13 ) අදටත් මේ ගොඩනැගිල්ලේ වහලයේ කටයුතු නිමවි ඇති බවක් නොපෙනේ.පසුගිය ඔක්තෝබර් මාසයේ අප මේ පිලිබදව එවකට සිටි නගර සභා ප්‍රධානින්ගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔවුන් කියා සිටියේ මසකින් වැඩ නිමකරන බවය.

මේ අතර මෙම ගොඩනැගිල්ලට අදාල වංචා දුෂණ රැසක් සිදුව ඇති බවට තොරතුරු රැසක් මේ වන විට අප වෙත ලැබි තිබේ. පසුගිය කාලය තුල පැවැති දුෂිත පවුල් පාලනය අධිකරණය හමුවට ගෙන ඒමට තරම් බරපතල මේ දුෂණ ගැන මිගමුවේ ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරින් කටයුතු කරන ආකාරය අප බලා සිටිමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here