වැඩනොකරන මීගමුවේ එජාප ක්‍රියාකාරින් ගැන රනිල් විමසිල්ලෙන් ?

0
134

වැඩ නොකරන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පිළිබඳ පාක්ෂිකයන්ට කෙටි පණිවුඩ මගින් තොරතුරු දැනුම්දිය හැකි දුරකතන අංකයක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  අනාවරණය කළේය.  0777 486799 එම දුරකථන අංකය වේ.

ගල්ගමුවේ ගිරිබාවේ මාර්තු 16 වනදා පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ තිබේ

මේ අනුව මීගමුවේ වැඩනොකරන සහ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයට එළිපිට  සහය පළ කරන මීගමුවේ එජාප  දේශපාලකයන් ගැන දැන් පැමිණිලි කිරිමට මේ දුරකතන අංකය ඔස්සේ දැන් හැකියාව ලැබි ඇත.ඒ සියළු කරුණු එසේ දැන්වීම සඳහා දුරකතන අංකය ද  විද්‍යුත් ලිපිනයක් ද දුන් වික්‍රමසිංහ මහතා  එස්.එම්.එස්. කෙටි පණිවිඩයකින් ද ඒ බව දැන්විය හැකි යැයි පැවැසීය.  එවැනි පැමිණිලි  ගැන විනයානු කූලව ක්‍රියාකරන බවද  වික්‍රමසිංහ මහතා දන්වා සිටියේය.