වැඩි මිළට මුඛ ආවරණ අලෙවි කළ මීගමුවේ අයට එරෙහිව සංගමය නිහඬද ?

0
145

31QKOFmBFLL._SX466_මීගමුවේ ඔසුසල් හිමියන්ගේ සංගමයක් තිබේ.මිගමුවේ බොහොමයක් ඔසුසැල් හිමියන් එහි සාමාජිකයෝ වෙති.ඒ බහුතරයක් දෙනා මේ කර්මාන්තයේ නියැලෙන්නේ වෘත්තීය ආචාරධර්ම වලටද මුල් තැන දෙමිනි.තතු එසේ වුවද කිපදෙනෙකු පමණක් වෘත්තිය සදාචාරය බල්ලට දමා සල්ලි මුල්කොට ගෙන අශිලාචාර වෙළඳාම නිරතව සිටිති.මේ අය ගැන අපට වැඩියෙන්ම අහන්නට ලැබෙන්නේ කොරෝනා වෛරසය නිසා මතුව ආ අනියත බියහේතුවෙන් මුඛ ආවරණ මිළට ගැනිමට බොහෝ දෙනා පෙළඹිමත් නිසා එයට වැඩි ඉල්ලුමක් රටපුරාම මතු වෙද්දි එයට  සමාන්තරව සැපයුම පිළිබදව මතුව තිබුණ තත්වයන් හමුවේ ඇතැම් ඔසුසැල් හිමියන් විසින් වැඩිමිළට මුඛ ආවරණ අලෙවි කරන්නට පටන් ගැනිමයි.මේ අය සම්බන්ධයෙන් මිගමුවේ ඔසුසැල් හිමියන්ගේ සංගමයද අනිවාර්යයෙන්ම දැනුවත් බව අප විශ්වාස කරමු.ඉතින් අපි මේ බලාසිටින්නේ වෘත්තිය ආචාරධර්ම කඩමින් කල දුටු කල වලඉහගත් අය සම්බන්ධයෙන් ගන්නා පියවර ගැනය.