වැඩිකරපු ගානට අඩුනොකරපු භුමිතෙල් මිළ ගැන ධිවරයෝ නොසතුටින් !

0
358

මීගමුව ජනජිවිතය හා බැදුන ඉන්දන මිළ ගැන කථා කිරිමේදි වෙනත් නගරවලට වඩා වෙනස් තත්වයක් තමයි තියෙන්නේ .
ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන ධිවර නගරයක් වුන මිගමුවේ අති බහුතරයක් වන ධිවර කාර්මිකයන්ගෙන් වැඩි දෙනෙක් කුඩා බෝට්ටුවල තමයි රස්සාව කරන්නේ .ඉතින් ඒ කාලේ රු 100 ටත් අඩුවෙන් භුමිතෙල් ගත්තු ධිවරයන්ට අද සිද්ද වෙලා තියෙනව රු 250 කට ආසන්න මුදලක් ගෙවන්න

2018 ජුනි මාසෙට කලින් යහපාලන ආණ්ඩුව තිබුන කාලේ බුමිතෙල් ලිටරයක මිළ වුනේ රු 70 ක් . රු 30 ක පාඩුවක් දරාගෙන වුනත් රු 70 ගානේ ධිවරයන් බුමිතෙල් දුන්න

පස්සේ රාජපක්ෂ පාලනය කාලේ භුමිතෙල් මිළ පවා රු 300ක් වගේ ගානකට ඉහල ගියා
ගෝඨා පාලන සමය තුල  භුමිතෙල් ලිටරයක් රු 340 ටත් ගියා
අරගලය කාලේ මාස 4 ක් විතර යනකම් ධිවරයන්ට භුමිතෙල් තිබුනේ නැ රස්සාවේ යන්න .
කොහොම හරි  ගෝඨාභය රාජපක්ෂ පැනල ගිහින් වික්‍රමසිංහ බලයට ඇවිත් භුමිතෙල් සැරින් සැරේ අඩු වැඩි කලා
දැන් සවස් දෙකකට විතර කලින් භුමිතෙල් ලිටරයක මිල රු 12 කින් අඩුකලා

එත් රු 70 ක ක් වගේ අඩුමිලකට තිබුන භුමිතෙල් ලිටරයක් දැන් රු 245 ක් . මේක ධිවරයන්ට කොහොටමත් දරන්න බෑ කියල තමයි පොඩි බෝට්ටු රස්සාකාරයෝ කියන්නේ .
සල්ලිකාරයෝ පාවිච්චි කරන සුපිරි ඩිසල් රු 77 කින් අඩුකරලා එදා වේලා අමාරුවෙන් කලා ඉන්න ට්‍රයි කරන දුප්පත් ධිවරයන්ගේ තෙල් ටික අඩුකරල තියෙන්නේ රු 12 කින් .
ඇයි මේ ?