වැදූ මව සොයන නෙදර්ලන්තයේ ශෙහානි,

0
253

 

1980 දශකයේ සිට 2000 දශකය පමණ වනතෙක් ම  මෙරටින් බිලිඳු දරුවන් 20,000 කට අධික ප්‍රමාණයක් යුරෝපා සහ  ස්කැන්ඩිනේවියානු රටවල සිට පැමිණි විදේශිකයන්ට  හදාවඩා ගැනීම පිණිස රැගෙන ගොස් තිබේ. එම දරුවන් බොහෝ දෙනෙකු කරදඬු උස් මහත් වී යෞවනත්වයට පත්වූ පසු තමන් මෙලොවට වැදු  මව්පියන්, එලෙසම තම ඥාතීන් සහ තමා උපන් ගම රට බලන්නට පැමිණි අවස්ථාවන් අප කොතෙකුත් අසා දැක ඇත..

මේ ඡායාරූපයේ සිටින  15 හැවිරිදි ෂෙහානි ද එලෙස බිලිඳු අවදි⁣යේම දරුකමට හදා වඩා ගන්නට නෙදර්ලන්ත ජාතික යුවලක් විසින් මෙරටින් රැගෙන ගොස් තිබේ. නෙදර්ලන්තයේ වෙසෙන ලියෝ මහතා සහ එම මහත්මිය විසින් මෙරටින් දරුවන් දෙදෙනෙකු දරුකමට හදා වඩා ගන්නට නෙදර්ලන්තයට රැගෙන ගොස් තිබේ.එක දරුවෙක් වන්නේ ෂෙහානි ය. අනෙක් දරුවා වන්නේ ඇන්ටන් ය . ඇන්ටන්ගේ ශ්‍රී ලාංකික වැදු මව මේ වන විට සොයා ගෙන තිබේ. ඒ සඳහා මැදිහත්ව කටයුතු කර ඇත්තේ මීගමුවේ වෙසෙන සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ඇන්ඩෲ සිල්වා මහතායි. එහෙත් මේ වන විට 15 හැවිරිදි වියේ පසු වන ෂෙහානිගේ වැදූ මව සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇත.

මේ වන විට ෂෙහානි සතුව ඇති උප්පැන්න සහතිකයේ සඳහන් පරිදි ඇය ඉපදී ඇත්තේ කෑගල්ල රෝහලේදීය. එමෙන්ම ඇයගේ උප්පැන්න සහතිකයේ මවගේ නම ලෙස සඳහන් වන්නේ  ” හේරත් මුදියන්සේලාගේ චමිලා කුමාරි ” ලෙසය.. ඒ වගේම මවගේ ගම ලෙස සඳහන් වී ඇත්තේ “කැලෑගම” යනුවෙනි.

මේ කරුණු පමණක් හැරෙන්නට වෙනත් කිසිදු විස්තරයක් තම වැදූ මව පිළිබඳව  ෂෙහානි සතුව නොමැත.

නමුදු ෂෙහානී තම වැදු මව හමුන්නට තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටී. තම වැදූ මව සොයා ගන්නට ෂෙහානි,  ඒ සඳහා මහජන සහය පතයි.  ෂෙහානිගේ මව පිළිබඳව ඔබ කිසියම් තොරතුරක් හෝ හෝඩුවාවක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට කතා කර ඇන්ඩෲ සිල්වා මහතා අමතන්න. …

දුරකථන අංක,–  0772114795 / 0779941919