වැල්ල අයිති රජයට යැයි පසුගිය දිනක යළිත් අවධාරණය කර සිටියේ මීගමුව ප්‍රාදේශිය ලේකම් අලවත්ත මහතාය.
ඒ ඔහු පසුගිය දිනක මීගමුවේ වෙරළ තිරයේ ඇති අනවසර ඉදිකිරිම් පිළිබදව නිරික්ෂණ චාරිකාවට එක් වෙමිනි.
එහෙත් මීගමුවේ දි රටේ ඇති පොදු නිතිය වලංගු නැතිවා සේවය.
එහි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පවුල් පාලනක් මිස රාජ්‍යය නිතිය නොවේ.
මීගමුවේ වැල්ල යනු කොටුව පිට්ටනිය අසල පිහිටි සුන්දර වෙරළ තිරයයි.
මේ ථේතිහාසික වෙරළ තීරය එහෙම පිටින්ම විනාශයට ගෙන යාම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා වන්නේ වත්මන යහපාලන ඇමති නිමල් ලංසාය.
බිස්නස් සහ කොන්ත්‍රාත් කටයුතු සම්බන්ධයෙන් ලංකාවේ වැඩිම කථා බහට ලක්වු කතෝලික පල්ලිය වන්නේ මීගමුව වැල්ලවීදිය සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුරය
ඊට හේතුව වන්නේ අප දැනට දන්නා තරමින් වැල්ල පමණක් නොව පාරක් ද රථ ගාලක් ලෙසින් පවත්වාගෙන යෑමට මේ දේවස්ථානයේ මීසම් කමිටුව කටයුතු කර ඇති නිසාය.
මේ සදහා අයිතියක් ඇතැයි ඔවුහු තර්ක කරති.
සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය විසින් මීගමුව මහනගර සභාවට ලබාදුන් රු ලක්ෂ 400 ක අයෝජනයෙන් ඉදිකෙරුන මාළු වෙළද සැලට දැන් අයිතිවාසිකම් කියන්නේ පල්ලියයි. මේ අනුව මේ වෙළදපොල ටෙන්ඩර් කර මසකට ලබන අදායම රු ලක්ෂ එකහමාරක් පමණ වෙතැයි වාර්ථා වේ.
එමෙන්ම ලෙල්ලමට මාළු ගෙනඒමට පැමිණෙන ලොරි රථ වලින් මුදල් අයකිරිම සදහාද වෙනමම ටෙන්ඩරයක් දි ඇත.
ඉන් මාසිකව ලබන අදායම රු 80000 කට අාසන්නය.
මීට අමතරව මීගමුව මාළු වෙළද පොල ඉදිරිපිට ඇති පාර රථ ගාලක් බවට පත්කරගෙන ඉන්ද ආදයම් ලබන අතර ඒ ටෙන්ඩරය මාසිකව මිළ කර ුඇත්තේ රු 35000කටය.
පසුගිය කාලය තුල ටෙන්ඩර තුනේම ටෙන්ඩර් හිමිකරුවා වුයේ එක් පුද්ගලයෙකි.
මේ සියළු ගණුදෙනු වලින් මසකට පල්ලියට හිමිවන මුදල ලක්ෂ දෙකාමාරකට ආසන්න බව වාර්ථා වේ.
මෙවන් අදායමක් ලබන්නට නම් පල්ලියට මේ දේපල අරභයා නිතිමය අයිතියක් තිබිය යුතුය.
එහෙත් අප දන්නා තරමින් එවන් කිසිදු නිතිමය අයිතියක් පිලිබදව පිළිගත හැකි සාක්ෂියක් නැත.
.ඒ වෙනුවට ඇත්තේ දේශපාලකයෙකු විසින් තමන්ගේ කැමැත්තට පල්ලියට මේවා පැවරිම පිළිබදව කථාවක් පමණි.
එපමණක් නොව එදා මීගමුව සුන්දර වැල්ල නමින් හැදින්වු කොටුව පිට්ටනිය අසල වෙරළ තීරය ඇමති ලංසාගේ නැදැ හිතවතුන් වු කරවල නිෂ්පාදකයන්ට හට සිය රැකියාව කරගෙන යාමට ලබාදෙමින් එහි සුන්දරත්වය හමාර කොට තිබේ.
ලංකාව තුල ක්‍රියාත්මක පළාත් පාලන නිතිය යටතේ වෙළඳ පොලක් පැවැත්විමට අවසරය ඇත්තේ පළාත් පාලන අායතනයක් වෙත පමණි. එහෙත් මීගමුවේදි මේ නිතිය වලංගු නැත.
එමෙන්ම රාජ්‍ය අයෝජනයක් සිදුකරන්නේ නම් එහි අය සහ වැය රාජ්‍ය විගණනයට යටත් විය යුතුමය. එය මෙරට ව්‍යස්ථාවනේම සදහන් කර ඇති නීතියකි.
එහෙත් එයද මීගමුවට වලංගු නැත.
හේතුව ලක්ෂ 400 ක රාජ්‍ය ආයෝජනයෙන් මසකට රු 250000 ක අදායමක් ලබන්නේ වැල්ලවිදිය දේවස්ථානයයි.
එහි ආදයම් රාජ්‍ය විගණනයට යටත් නැත.
මේ අනුව බලන කළ තවමත් යහපාලනය මිගමුට පැමිණ නැත.එය තවමත් පාලනය වන්නේ පවුල් පාලනයක් විසිනි.
යහපාලනයට හැකිවුයේ රටේ පාලනය මැද මුලනෙන් ගලවා ගැනිමටය.
මීගමුව වැඩිඡන්ද 31000 කින් දින්නද එජාප සංවිධායක රොයිස් විජිතට මීගමුව වැල්ලවිදියේ පාලනයෙන් ගලවා ගැනිමට තවමත් හැකිව නැත.