වැල්ලවීදියේ දරුවා පැහැර ගත්තේ ඇයි..???

0
247

මීගමුව සාන්ත පිතර විදුහලේ 9 වන වසරේ ඉගෙනුම ලබන ඩිලන්ත නිමේස් නැමැති 13 වියැති දරුවෙක් අප්‍රෙල් 12 වනදා වැල්ලවිදියේ  රියෝ අයිස්ක්‍රිම් අලෙවි සැල අසලදි දවල් 12 ට පමණ වෑන්රියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන තිබුණි.

දින දෙකකට පසුව ඔහු මුදා හැර ඇත

මෙම දරුවාගේ පියා වැල්ලවිදිය ඇලෙක්ස් පාරේ පදිංචි වර්ණකුලසුරියගේ එඩ්වඩ් එරික් 46 (ධීවර ),මව මේරි මොනිකා ජෙයරානි,42 ස්වයං රැකියාවක් කරන්නියක් වන නිමේස් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලය දරැවාය.

මේ සම්බන්ධයෙන් අපි දරුවා හමුවි ඇත්ත තත්වය දැනගැනිමට උත්සාහ කළද ඔහු සිටි මානසික තත්වය එය තවත් පමා කරවන්නට හේතු විය.

අද උදෑසන අපි ඒ දරුවා මුණගැසුනෙමු.

මම  අයිස් ක්‍රිම් කඩේ ලග ඉන්නකොට එතනට ආපු වෑන් එකක හිටපු කට්ටිය එකපාරටම මාව ඒක අතුලට ඇදල දාගත්තා.ඒගමන්ම මගේ ඇස් දෙකයි කටයි බැන්ද.ඒ වේලාවේ   ඒක ඇතුලේ පිරිමි 5 දෙනෙක් හිටියා .ඒ අය සිංහලේ සහ දෙමළෙන් කථා කළා.

පැය එකාමාරක් විතර දුර ගියා . පස්සේ මගෙ ඇස් කට බැදපු පටි ලෙහල ගොඩනැගිල්ලක ලෑලි ගහපු කාමරේකට දැම්මා.ඒකේ කිසිම ජනේලයක් තිබුනේ නැ. වැසිකිලයක් පමණක් තිබුණා. එදා දවල්ට කන්න දුන්නා. එදා දවල් අර මාව වැන් එකකට අරන් දාගත්ත කෙනා රැ ආවා.ඇවිත් මගෙන් අහැව්වා තාත්තා මොනවද කරන්නේ කියල අපි පෝසත්ද දුප්පත් ද කියල ඇහැව්වා. මම කිව්ව තාත්තා ධීවරයෙක් කියල.අපි දුප්පත් කියලත් කිව්වා

එදා රෑට දුන්නේ කිරිතේ එකක් විතරයි දුන්නේ.පහුවදා උදේටත් කිරි තේ විතරයි.දවල්ට නම් කෑම දුන්නා. පහුවෙනිදා පාන්දර ම මාව ආයෙත් ඇස් බැදල පැය භාගයක විතර ගමනක් අරන් ගියා ගිහින් තැනක නැවැත්තුවා .එතනින් කෙනෙක් බැහැල ගිහින් ඇවිත් මගේ අතට බස් ටිකට් එකක් දුන්නා මේ බස් එකේ ගිහින් ත්‍රිවිල් එකක් අරන් ගෙදර යන්න කියල රු 500කුත් දුන්නා.

මම මීගමුවෙන් බහින කොට උදේ හතයි කාලට විතර ඇති. මම පයින්ම ගෙදර ගියා.

රටටම බියගන්වා ඇති සුදු වෑන් භීතිකාව මීගමුවේදි අළුත් වෙසක් ගත්තාද,,,?????

මෙහිදි මතුවන ගැටළුව වන්නේ මේ දරුවා පැහැර ගත්තේ ඇයිද යන්නයි.

මේ සම්බන්ධයෙන් ඔහුගේ මව පවසා සිටියේ තමන් කෙනෙකුට ලොකු ණය මුදලක් දෙන්න තියෙනවා.ඒක දිගන්න පරක්කුවෙලා තියෙන්නේ ඉතින් ඒ අය අපිව බය කරන්න කියල මෙහෙම කෙරුවද කියලත් හිතෙනවා.එහෙම නැත්නම් වෙන දරුවෙක්ව උස්සන්න ඇවිත් වැරදිලා අපේ පුතාව අරන් ගියාද දන්නේ නැ.

මේ බරපතල සිදුවිම අරභයා මතුවෙන අනෙක් ප්‍රශ්ණය වන්නේ මේ දරුවා අතුරුදහන් වු පසු මීගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් දමා තිබුනද දරුවා යළිත් නිවසට පැමිණෙන තෙක්වත් පොලිසියෙන් පැමිණ ඒ පැමිණිල්ල ගැන කිසිදු විමසිමක් සිදුකලේ නැතැයි මේ දරුවාගේ දෙමව්පියන් පවසා සිටිමයි.

පොලිසිය එසේ කළේ ඇයි….??? මේ ගැන පොලිසියෙන් විමසිමට අප ගත් උත්සාහය සාර්ථක වුයේ නැත

කෙසේ වෙතත් මේ සිදුවිම මීගමුවේ සැමට දල්වන ලද රතු එළියකි.???