වික්ටර් අයියාට මගේ ගෞරවනීය ආචාරය…!!

0
280

දින දෙකකට පෙරාතුව වික්ටර් අයියා මට දුරකථන ඇමතුමක් දුන්නේ ය.
“මල්ලීයෝ, අලත් අවුරුදු දවසෙ අරගලයට යනවද? මටත් එදාට යන්න ඕනෑ. ඔයා මාත් එක්ක එන්න ඕනෑ.”
ඔහු කීය.
“එදා හවස් ජාමෙ යන්නයි හිතාගෙන ඉන්නෙ..”
මම කීවෙමි.
“නෑ මල්ලි, මට ඕනෑ අලූත් අවුරුදු නැකත් වෙලාවෙ ඒ කොල්ලො කෙල්ලො එක්ක ගත කරන්න.”
වික්ටර් රත්නායක නම් අසූ වියැති තරුණයා කීවේ ය.
හෂිනි නැගණිය සමග කතාබහ කොට අපි ගමන සංවිධානය කළෙමු. සහෘද විදුර ද ඊට උර දුන්නේ ය.
අරගල බිමෙහි වික්ටර් අයියාව අව්රස්නයෙන් පීඩාවට පත් නොකළ යුතු බව කී මා නැගණිය නිරූපා සේරසිංහ ඊට අවශ්‍ය පසුබිම සකස් කළාය. භාරතී ද ඊට එක් විය.
අරගල බිමේදී සොයුරු නුවන් බෝපගේ සහ ළහිරු වීරසේකර වික්ටර් අයියාට උපරිම ගෞරවය ලබා දීමට මූලික වූහ. අරගල බිමෙහි සිටි සොහොයුරන් ගිටාරයත් රැගෙන පැමිණ වික්ටර් අයියාගේ ගී කීපයක් ගැයූහ.

වික්ටර් අයියා පැයකට අධික කාලයක් අරගල බිමෙහි සිටියේ ය. විඩාව හා තෙහෙට්ටුව මැද ද ඔහු කිව්වේ තව ටිකක් වෙලා ඉඳළා යමු කියා ය.

අන්තිමේ දී එතැනින් නැගිට්ටේ හෂිනි නැගනියගේත්, නිරූපා නැගනියගේත් කටේ බලේට ය.

වික්ටර් අයියා, ඔබ අපට, රටට දුන්නේ මහඟු ආදර්ශයකි. අරගල බිමෙහි සිටින සියල්ලන්ටම දුන්නේ අතිමහත් ධෛර්යයකි.
ආදරය – සෙනෙහෙස – එකමුතුව – සමගිය රජයන සුපිළිපන් රටක් වෙනුවෙන් අරගලයට එක්වූ මගේ ජ්‍යේෂ්ඨ සොහොයුරාට හිස නමා ආචාර කරමි.
Nirupa Serasinghaවිදුර තුල්සි ඩයස් අභයගුණවර්ධනHashini RatnayakeBharathi Weerasinghe

(සමන් අතාවුදහෙට්ටිගේ ෆේස්බුක් පිටුවෙනි)