විදුහල්පති ජයන්ත පියතුමා ගැන සාක්ෂිය දුන් ගුරුවරයෙකුට තර්ජන !

0
239
rbt

rbt

මේ වන විට රටපුරාම මහත් ආනදෝලනයකට තුඩු දි ඇති විභාග අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින  මිගමුව සා. මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමන්ව බේරාගැනිමට දැන් එකි පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිණිය ඇතුල පිරිසක් මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්ථාවේ.
මෙහි එක් පියවරක් ලෙසින් මේ නියෝජ්‍ය විදුහල්පතිණිය විසින් විදුහල්පති පියතුමා තමන්ගෙන් තර්ක ශ්‍රාස්ත්‍රය ප්‍රශ්ණය  පත්තරයේ එක් ප්‍රශ්ණයකට පිළිතුර පැහැදිලි කරන්න යැයි කියා විදුහලේ ගුරුවරයෙකු වන වසන්ත මාරසිංහ විසින් ලබාදි ඇති කටඋත්තරය වෙනස් කරන්නට යැයි විවිධ බලපෑම් එල්ල කරමින් සිටින බැව් වාර්ථාවේ.
ඇය කියා ඇත්තේ විදුහල්පති ජයන්ත පියතුමාගේ දුරකථනයෙන් වෙනත් ශිෂ්‍යයෙකු විසින් තමන්ට දුරකථන ඇමතුමක් දුන්නේ යැයි කියන ලෙසය.ජයන්ත පියතුමා
ඇය තවදුරටත් පවසා ඇත්තේ මේ සිදුවිම ගැන සා.මරියා ආදි ශිෂ්‍ය සංගමයද කිපි ඇති බවය. එය සැබැවින්ම වක්‍රආකාරයෙන් සිදුකරන්නට යෙදුන තර්ජනයක් වැනිය.
කෙසේ වෙතත් අද මිගමුව පොලිසියට ගිය සා.මරියා විදුහලේ තර්ක ශ්‍රාස්ත්‍රය උගන්වන වසන්න මාරසිංහ ගුරු මහතා තමන්ට සිදුකරන්නට යෙදුන බලපෑම ගැන පැමිණිල්ලක් කර තිබුණි.
පැමිණිලි කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණ දැක්වු ගුරුවරයා කියා සිටියේ ඉතා පැහැදිලි ලෙස තමන්ගෙන් ප්‍රශ්ණ පත්තරය ගැන පිළිතුරු අසා සිටියේ විදුහල්පති පියතුමා විසින්ම බවත් මොන බලපෑමක් හමුවේ වුව ඒ ප්‍රකාශය වෙනස් නොකරන බවත්ය.ඉතාම
මේ අතර විභාග අක්‍රමිකතා සිදුකළ විදුහල්පති පියතුමා ගැන අප විසින් මිපුර වෙබ් අඩවියේ පළකරන ලිපිවලටද සා.මරියා විදුහලේ ආදි සිසුන් පිරිසක් ඉතාමත් පහත් භාෂාවකින් බැන වැදි තිබුණි.
මේ සියළු දෙනාගේ පැටිකිරිය අප ඉදිරියේදි අපගේ පාඨකයන් වෙත දැනගැනිමට සලස්වන්නෙමු