විදුහල්පති පියතුමන්ට දිය හැකි සුපිරිතම උතුම් තෑග්ග කුමක්ද ?..

0
68

negombo-fishermen-meet-president-mahinda-rajapaksa(දෙවන සංස්කරණය ) මීගමුව එක්තරා කතෝලික පාසැලක විදුහල්පති පියතුමෙකු එකි පාසැලෙන් මාරුවිම වෙනත් පාසැලකට යාමට නියමිතව තිබේ.
එකි පියතුමන්ට ලබාදෙන තෑග්ග වෙනුවෙන් පාසැලේ දරුවන්ගෙන්  පංති මට්ටමින්  මුදල් අයකිරිමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පැවසේ .
කෙසේ වෙතත් වාර්ථා වන්නේ පාසැලේ ගුරුවරුන් විසින් පැවැති විශේෂ හමුවකදි මේ ගැන දෙම්ව්පියන් දැනුවත් කර ඇති බවය. එමෙන්ම ඔවුන් පවසා ඇත්තේ අවම වශයෙන් එක් පවුලකින් රු 3000 ක  මුදලක් අපේක්ෂිත බවය.
එහෙත් එය බලකිරිමක් නොවන බවත් අදාල මුදල තමන්ගේ හැකියාව මත තින්දුකළ හැකි බවද පවසා ඇතැයි සැලය.
මෙම පාසැලේ සිටින  ලමන් ගණන 1500 ක් පමණ වේ .කෙසේ වෙතත් මෙහි මුළු එකතුව මිලියන 3 ක් පමණවත් වනු ඇත.
එවන් මුල්‍ය ඉලක්කයක් පාැසලේ ගුරුවරුන් විසින් තබාගන්නට ඇත්තේ කිනම් වර්ගයේ තෑග්ගක් ලබාදිමටදැයි ප්‍රකාශ වි නැතත් කිසියම් හේතුවක් සදහා විය හැකි යැයි සිතිය හැකිව තිබේ.
කෙසේ වෙතත් වාර්තා වන අන්දමට පාසැලේ විදුහල්පති පියතුමා මෙවැනි කටයුතු වලට කිසිදු කැමැත්තක් නොදක්වන බවද පියතුමාට සමිප ආරංචි මාර්ග පවසා සිටි.එවැනි පියතුමෙකුට දියහැකි සුපිරිතම උතුම්  තෑග්ග කුමක්දැයි පාසැලේ බුද්ධිමත් දෙමව්පියන් අතර දැන් කථාබහක් මතුව තිබේ.

කෙසේ වෙතත් මෙහිදි සදහන් කළ යුතු වැදගත් කරුණක්  ඇත.
එනම් මේ සුපිරි කතෝලික පාසැල සදහා මේ ඉඩම පැවැති එක්සත් ජාතික පක්ෂ රජයෙන් ලැබෙන්නේ නොමිලේය.
ඒ භුමිය යනු මීගමුවේ දුප්පත් ධීවර දරුවන් හට කාර්මික විදුහලක් ඉදිකිරිම සදහා කඩොල් කැලේ ඉඩම් හා නිවාස ව්‍යාපෘතිය යටතේ වෙන්ව පැවැති ඉඩමකි.
එහෙත් දැන් දුප්පත් ධීවර දරුවන්ට ඒ පාසැල අසලට යා නොහැක්කේ ඒ වෙනුවෙන් අයකරනු ලබන අධික මුදල නිසාවෙනි.
එබැවින් මේ පියතුමන් හට දිය හැකි උතුම්ම තෑග්ග විය හැක්කේ දුප්පත් දක්ෂ ධීවර දරුවන්ට හිමිවිය යුතුව තිබුන භූමියක පිහිටා ඇති මේ පාසැලේ දොරවල් ඉගෙනිමේ දක්ෂ ධීවර දරුවන් හට විවර කරදෙන්නට විශේෂිත වු  වැඩපිළිවෙලක් ගොඩනගන එකය.
එය ලොයාලා විදුහලේ විදුහල්පති පියතුමන් ඉන් සමුගෙන යන මොහොතේ එතුමන්ට ලබාදුන් ලක්ෂ 48 ක හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයට වඩා කොයිතරම් නම් කාලයක් පවතිවිද ?
කෙසේ වෙතත් මේ පාසැලට නම් තබා ඇත්තේ ජේසුතුමන්ගෙ සුරැකි පියා වු ජුසේ නම් වු මුනිවරයාගේ  නමිනි.
එකල සමාජයේ ඔහු දුප්පත් වඩුවෙකි.