කට්ටුව සාන්ත ප්‍රැන්සිස් සාලිස් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ යතුරු පැදිය ඊයේ (අප්‍රේල් 24 වනදා) රාත්රිාය්දී නැතිවී ඇති බව අදාළ පුද්ගලයින් විසින් අද මීගමුව පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රිෙය් එම පාසලේදීය. 24 වනදා පාසල් වේලාව තුළ මෙම විදුහලේ විදුහල්පතිතුමා රෝගාතුරවීම නිසා ඔහුව රෝහලට ඇතුලත් කර තිබේ. එම අවස්ථාවේදී ඔහුගේ TVS ස්කූටි පෙප් යතුරු පැදිය විදුහල්පතිවරයාගේ කාර්යාලයට දමා කාර්යාලය අගුලු දමා ඇත. එදිනම රාත්‍රිෙය් එම කාමරයේ අගුලු කඩා යතුරු පැදිය සොරකම් කර ඇති අතර විදුහල්පතිවරයාගේ කාමරයේ ඉටිපන්දමක් දැල්වූ ලකුණු ද තිබී ඇති බව වාර්තාවේ.