විදෙස් රටවල සිට මෙරටට එන අයට සිමා පැනවේ ?

0
74

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන් අතරින් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගැනීම නිසාවෙන් ඉදිරියේදී විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට හෝ පාලනයකට ලක්කිරීමට සිදුවිය හැකි සෞඛ්‍ය බලධාරින් විසින් දැනටමත් සඳහන් කර තිබේ.

ගතවූ වසරක කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 52,710 දෙනාගෙන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එසේම අප්‍රේල් මස සිට මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 3,480 දෙනාගෙන් 538 දෙනෙකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවද තවදුරටත් එහි සඳහන්ය

මේ අතර පවතින ද කොවිඩ් වසංගත තත්වය හමුවේ බොහෝ රටවල සංචරණ සීමා දැඩි කිරීමට සහ ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන ඇති අතර එවැනි පසුබිමකදි විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබේ