විදේශිය මාළු නැව් එපා! බහුදින යාත්‍රා හිමියෝ ධිවර රාජ්‍ය ඇමතිට කියති !

0
96

IMG-20200218-WA0054IMG-20200218-WA0056

බහුදින යාත්‍රා හිමියන් මේ දිනවල බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති. ඒ අපනයනය සදහා විවිධ ගැනුම්කරුවන් වෙත ලබාදුන්  ලොකු කෙලවල්ලා මාළුන්ගේ මිළ සිඝ්‍ර ලෙසින් පහලට යාම නිසාය.
වෙනදා කිලොවක් රුපියල් 1200ත් රු 1600 ත් අතර  මිළක් හිමිවෙමින් තිබුණද අද වන විට එය රු 450 දක්වා පහලට බැස තිබෙන බැව් ඔවුන් පවසති.
මේ ප්‍රශ්ණය ගැන සාකච්ජා කිරිම සදහා අද විශේෂ රැස්විමක් නයිනමඩමේ සන් වැනිස් හෝටලයේ මේ වන විට පැවැත්වෙමින් ඇති අතර ඒ සදහා ධිවර රාජ්‍ය ඇමති සනත් නිශාන්තද පැමිණ තිබේ.

 
මෙහිදි ධිවරයන් සිය ප්‍රධාන ඉල්ලිම ලෙස ඉදිරිපත් කර සිටියේ විදේශිය මාළු නැව් ලංකාවට පැමිණිම නැවැත්විම පියවර ගන්නා ලෙසයි.
දැනට පවතින කොරෝනා වෛරස් ප්‍රශ්ණයටද මෙය බරපතල ලෙසින් බලපාන බව ඔවුහු මෙහිදි පෙන්වා දුන්හ.
තවමත් සාකච්ජාව පැවැත්වෙමින් තිබේ. වැඩිවිස්තර ඉක්මනින් බලාපොරොත්තු වන්න .

IMG-20200218-WA0051