විනෝදය දනවන සහ අතට මුදලකුත් ලැබෙන කොතලාවල පාලම උඩ බිලීබෑම 

0
113

අද වන විට බොහෝ දෙනෙකු මීගමුව ලෙල්ලම ළඟ කොතලාවල පාලමේ සිට මාළු බිලි බෑම කරනවා.බොහෝ දෙනෙකු මේ පාලම උඩට ඇවිල්ලා විනෝදේට මාලු බානවා . ඒවගේම සමහර අය මෙතන්ට එන්නේ ගෙදරට අවශ්‍ය දවසේ මාළු ටික හරි මෙතනින් සපයා ගැනීමේ අරමුණින් .තවත් සමහර අය එනවා මෙතනින් මාළු බාලා ඒ මාළු ටික අරං ගිහින් විකුනලා දවසේ වියදමට කීයක් හරි හොයා ගන්න.

බොහෝ පිරිසක් කොතලාවල පාලමටම මාළු බිලිබාන්න එන්න ප්‍රධානතම හේතුව තමයි කොතලාවල පාලම කියන්නේ කලපුවයි මුහුදයි එකට යාවෙන තැනක පිහිටි පාලමක් නිසා,ඒ නිසාම මෙතන මාළු ගහනය වැඩියි. සමහර අවස්ථාවල රංචුපිටින් මාළු මේ පාලම ආසන්න කලපු ජලයේ ඉන්නවා දැකගන්න පුළුවන්. කුඩා මාළු වගේම සාමාන්‍ය ලොකු ප්‍රමාණයේ මාළුත් මේ බිලී පිතිවලට නිතරම වගේ අසු වෙනවා.

ඒ නිසා තමයි බොහෝ දෙනෙක් මෙතනටම ඇවිල්ලා බිලි බාන්න පෙළඹිලා තියෙන්නේ. අනික තමයි දවසේ ඕනම වෙලාවක සැලකිය යුතු පිරිසක් මාළු බාන්න මේ කොතලාවල පාලම උඩට ඇවිත් ඉන්නවා, දැකගන්න පුළුවන්..දවල් කාලෙට වඩා රාත්‍රී කාලෙට සෑහෙන පිරිසක් මේ කොතලාවල පාලමේ ඉඳලා බිලීබානවා දැක ගන්නත් පුළුවන්.

පාලම ආශ්‍රිතව බිලිබාන අයට වැඩිපුරම හසු වෙන්නේ කුඩා පරව් පැටව්, ඕරාවෝ, කාරල්ලෝ වගේ කුඩා මාළුන්. වඩදිය බාදිය තියෙන අවස්ථාවල විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ලොකු මාළු ඒ කියන්නේ ලොකු පරව් වගේ මාලුත් බිලිබාන අයට හසුවෙනවා කියලයි මේ ස්ථානයට ඇවිල්ලා ඉන්න බොහෝ දෙනෙක් කියන්නේ.

ඉතින් අද දවසේ අපිට හමුවුණා කොච්චිකඩේ දළුවකොටුව ඉඳලා කොතලාවල පාලමට මාළු බිලීබාන්න ඇවිල්ලා හිටපු කුමාරව. කුමාර කියලා කියන්නේ රැකියාවට මේෂන් වැඩ කරන කෙනෙක්. ඉතින් අද දවසේ මේෂන් වැඩ නැහැ කියලා කුමාර ගෙදරට වෙලා නිකන් හිටියේ නෑ.බිලි පිත්තත් අරගෙන ආවේ කොතලාවල පාලම උඩට. කුමාර මේ වෙද්දි සාමාන්‍ය පරවෙක් ඇතුළු මාලු කිලෝ දෙකක් විතර වගේ බිලිබාලා අල්ලගෙන තිබුණා.කුමාර තම් කියන්නේ ගෙදරටත් උයන්න තියාගෙන ,ඉතුරු මාළු ටික විකුණනවා කියලයි.

මීගමුව කුරන ඉඳලා ආපු රාජු කියන්නේ. මම නම් බිලීබාලා අල්ලන මාළු විකුණන්නේ නෑ. මොකද මගේ ගෙදරටයි මගේ දරුවන්ගේ ගෙවල් වලටයි මේ මාළු ටික දුන්නහම ආයේ විකුණන්න ඉතුරු වෙන්නේ නෑ කියලයි.

මේ පාලම උඩ ඉඳලා බිලි බාන්න එන බොහෝ දෙනෙක්ඒ මාලු අල්ලගන්න බිලිපිත්තේ ඇමට දාන්නේ පොඩි ඉස්සෝ . බිලී පිත්ත ඇමට ඉස්සන්ව දාපුවහම මාළු ඉක්මනටම බිලී බාන්න බා ගන්න පුළුවන් කියලයි කොතලාවල පාලම උඩ මාළු බාන්න ඇවිල්ලා හිටපු මදුරංගත් කියන්නේ.. මදුරංග පෙරියමුල්ලේ ඉඳලා තමයි ඇවිල්ලා තිබුණේ. ඔහු කියන්නේ සමහර දවස් වලට මාළු කිලෝ 10 ක් ,12 ක් පවා බිලිබාගෙන ගිය දවසුත් තිබුණාලු .

අපි එක්ක කලින්ම කතා කරපු කොච්චිකඩේ කුමාර තව කියපු කාරණාවක් තමයි, මේ කොතලවල පාලමට මාළු බිලිබාන්නේ එන්නේ මේ අහල පහල අය විතරක් නෙමෙයිලු සමහර අය වත්තල කඳාන දිහා ඉඳලත් එනවලු. සමහර අය සති අන්ත දවස්වල පවුල් පිටින් ඇවිල්ලා විනෝද වෙලා මාළුත් බිලිබාලා අරගෙන යනවලු ගෙවල් වලට. කොහොමත් මෙතන රාත්‍රියට තමයිලු කට්ටිය ගොඩක් වැඩිපුරම ඉන්නේ මාළු බිලිබාන්න.

ඉතින් මෙතනට මාළු බාන්න ඇවිල්ලා ඉන්න හැම දෙනෙක්ම කියන්නේ මේ කොතලාවල පාලම උඩ මේ මුහුදු ජලයයි,කලපු ජලයයි එකතු වෙලා තියෙන එක මේ වගේ බිලිබාන අයට ලොකු වාසියක් කියලයි. කොහොම වෙතත් අපි අහල තියෙන විදිහට මීගමු කලපුව කියලා කියන්නේ දවසෙි 24 පැය වඩදිය බා දිය ක්‍රියාත්මක වන ලංකාවේ එකම කලපුව වෙන්නත් පුලුවන්

ඉතින් විනෝදයට මාළු බිලිබෑවක්, ආදායමක් ලබන්න මාළු බිලිබෑවත් ,මේ කොතලාවල පාලම උඩට මාළු බිලිබන්න ආපු කෙනෙක් කවදාවත්ම හිස් අතින් නම් යන්නෙ නැති බව තමයි මෙතනට ඇවිල්ලා හිටපු බොහෝ දෙනෙක් අපට පැවසුවේ..