පිටිපන ලෙල්ලම අසල පෙරේදා (7දා) ගොඩගසා තිබුණු මළ සිරුර උතුරු පිටිපන පදුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවත්, ඔහුගේ අවසාන කටයුතු අද දින සිදුකරන බවත් ආරංචිවේ. මානික්ක ආරච්චිගේ පැතුම් කුමාර යන නමින් හැඳින්වූ වයස අවුරුදු 35ක් පමණවූ මේ පුද්ගලයා ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බෝට්ටු දෙකකින් 7දා රාත්‍රි 3.00ට පමණ තම නිවසින් පිටත්වී ඇතිබව දුන්ගාල්පිටිය පොලීසිය සඳහන් කරයි. එසේ ගොස් ඇත්තේ වින්සන් දූපතට , විනෝද චාරිකාවක් සඳහා යැයි ද, සය දෙනෙකුගෙන් යුතු එක් බෝට්ටුවක් පදවාගෙන ගොස් ඇත්තේ මොහු බවද , ඒ අතර ඔහු වතුරට වැටී මියගිය බවත්, ඒ සියළු දෙනාගෙන් කටඋත්තර ලබාගත්බවත් දුන්ගාල්පිටිය පොලීසිය සඳහන් කරයි. මෙම අවාසනාවන්ත සිදුවීමට මූලික වී ඇත්තේ අධික මත්පැන් පානය නිසා ඇතිවූ සිහි මදකම බව පොලීසිය තවදුරටත් පවසයි.